කොසෝවෝ පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී කොසෝවෝ අග්‍රාමාත්‍යවරයාට ජල ප්‍රහාරයක් ද එල්ල වී ඇති බවයි.
මෙම ගැටුම හටගෙන ඇත්තේ, උතුරු කොසෝවෝ හි පවතින කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් කැඳවූ තුන්දින විවාදය අතරතුරයි.
අග්‍රාමාත්‍ය ඇල්බින් කර්ටි සභාව අමතමින් සිටියදී ඔහුගේ පින්තූරයක් ඉවත් කිරීමත් සමඟ ගැටුම ආරම්භ වුණා.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගුටි බැට හුවමාරු කර ගනිද්දි මන්ත්‍රීවරයෙකු පැමිණ සිය ජල බෝතලයෙන් අග්‍රාමාත්‍යවරයාට පහර දුන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.










