• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනම්පිටියේ අඳෝනාව I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුප්පත් අපි ගැන බලන්න කවුරුත් නෑ : පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගහනවා…

වැටට ගියේ රුපියල් 500යි : අපේ රටේ පාලකයෝ උත්තර දෙන හැටි…

මිනී ටික ගොඩගත්තෙත් ගමේ මිනිස්සු : ඒ උනාට ස්තූතියි කියන්නවත් කවුරුත් නෑ…

‘බස් එක පෙරළිලා වතුර පිරීගෙන එනකොට මැරුණා තමයි කියලා හිතුණා. මට කෝල් එකක් ගන්න ඕනෙ වුණා. මට පොඩි පුතෙක් ඉන්නවා. පුතාට තාම වයස අවුරුද්දයි මාස 08යි. පුතාටයි වයිෆ්ටයි කතාකරන්න හිතුණා. මම මැරෙන්න යන්නේ කියලා කියන්න හිතුණා. ෆෝන් එක බැලුවා. ඒත් ළඟ තිබුණෙ නැහැ.(Sri Lanka Latest News)

උඩට ආවාට පස්සේ මට හුස්ම ගන්න පුළුවන් වුණාම මට හිතාගන්න බැරිවුණා මොකද්ද වුණේ කියලා. මම බේරිලා ගොඩට ආවම ළමයෙක් අඬනවා ඇහුණා අම්මා නැහැ කියලා. ඒත් අම්මා‌ කෙනෙක් නේද කියලා හිතුණා. ආයේ හිතුවේ බැලුවේ නැහැ. යටට ගිහිල්ලා පුළුවන් විදියට කට්ටිය බේර ගත්තා….’ යනුවෙන් යුද හමුදා සෙබළ නිසල් අචිත්‍ය තමන් මුහුණ දුන් ඒ භයානක අත්දැකීම මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

පසුගිය ජූලි 09 වැනිදා මනම්පිටිය කොටලිය පාලමෙන් බස් රථයක් ඉවතට පැන ඔයට පෙරළීමෙන් බසයේ ගමන් කරමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 43 දෙනකු තුවාල ලැබුවා. මේ අනතුර සිදුව පැය 24ක් යන්නටත් මත්තෙන් නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේදී තවත් බස් රථයක් අනතුරට ලක්ව තිබුණා. මෙලෙස අනතුරට ලක්ව තිබුණේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.

එම බස් රථයේ 20කට ආසන්න පිරිසක් ගමන් කළ අතර, 08 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා. මෙම අනතුර සිදුව තිබුණේ රියැදුරාට නින්ද යාම හේතුවෙනි. එසේම පූඩලු ඕයේදීද බස් රථයක් පෙරළී පුද්ගලයන් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.

මනම්පිටිය පාලමෙන් පෙරළී අනතුරට පත් බස් රථය ගමන් කරමින් තිබුණේ පොළොන්නරුව කදුරුවෙල සිට කාත්තන්කුඩි බලාය. මේ අනතුරට හේතුව ලෙස මේ වන විට හෙළිව ඇත්තේ රියැදුරාගේ නොසැලකිලිමත් ධාවනයයි. මෙම අනතුරෙන් මියගිය අය අතරින් 09 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර, දෙදෙනකු කාන්තාවන්ය.

මේ අනතුරින් දිවි බේරාගත් පුද්ගලයන් කිහිප දෙනකුම තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ගැන මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඒ අතරින් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසල් අචිත්‍ර මෙලෙසද පවසා සිටියා.

මම නාවල්අඩි ආමි කෑම්ප් එකට යන්න බස් එකට නැග්ගේ. අන්තිම බස් එක කදුරුවෙලින් පිටත් වෙද්දී හවස 7.20ට වගේ ඇති. බස් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමිටර 70ක වගේ වේගයෙන් ගියේ. රියැදුරාට බස් එක කොන්ට්‍රෝල් නැතුව ගියා. එකපාරට බම්පරයක් උඩින් දානවා වගේ සද්දයක් එක්ක බස් එක එකපාරටම පහළට ගියා. හිතාගන්න බැරිවුණා මොකද වුණේ කියලා.

බස් එක වැටුණට පස්සේ බස් එක සම්පුර්ණයෙන්ම වතුරෙන් වැහිලා ගියා. ඒ එක්කම අපට හුස්ම ගන්න බැරිව ගියා. කළුවරයි මුකුත් පේන්නෙත් නැහැ. බස් එක ඇතුළේ ලයිට් එක ටිකෙන් ටික ඩිම් වුණා. ඊට පස්සේ එහෙට මෙහෙට පැනලා බැලුවා ජනේලයක් තියෙනවාද කියලා.‌ කළුවරට ජනේලයක් හොයාගන්න බැරිව ගියා. මිනිස්සු කලබල වෙලා කෑගැහුවා. එක්කෙනාගේ ඇඟ උඩ එක්කෙනා නැගගෙන මිනිස්සු කලබලයෙන් හිටියේ. එහෙම ටිකක් වෙලා ඉන්නකොට බස් එක අනිත් පැත්තට පෙරලුණා.

මම අත දාලා බලද්දී ජනේලයක් අහුවුණා. වීදුරුව සාමාන්‍ය ගානට කැඩිලා තිබුණේ. එළියේ හිටපු අයියා කෙනෙක් මට අත දුන්නා. එහෙමම නැග්ගා බස් එකේ උඩට. හරියට සිහිය එනකම් හිටියා. ඒ එක්කම පොඩි ළමයෙක් ඇවිල්ලා කිව්වා මාමේ මගේ අම්මා බස් එක ඇතුළේ හිරවෙලා කියලා. ළමයා එහෙම කියද්දී මට හරියට දුක හිතුණා. පස්සේ මම ආපහු ගියා බස් එක ඇතුළට. ඇතුළට ගිහින් ඇතුළේ හිටපු කෙනෙක් එක්ක ආවා එළියට.

එයාගෙ කොණ්ඩේ තමයි මට අහුවුණේ. ඒකෙන්ම ඇදගෙන එළියට අවා. එයාගේ මුහුණ තුවාල වෙලා තිබුණේ. එතකොටම මගේ අම්මා ඉන්නවා කියලා අර ළමයා ආවා. ඊට පස්සේ තවත් ළමයෙක්ව ගොඩට ගත්තා. එයාට අවුරුදු 13, 14ක් වගේ ඇති. ඒ ළමයට වතුර පෙවිලා තිබුණේ. නමුත් පණ තිබ්බා. එයාට පෙවිලා තිබුණු වතුර ටික එළියට ගන්න ට්‍රයි කළා. ඒ අතරේ මම දැක්කා මිනිස්සු එක එක පැතිවලින් බහිනවා වැටුණු මිනිස්සුන්ව බේර ගන්න.

බස් එකේ එද්දී මම වාඩිවෙලා හිටපු තැන කපල් එකක් හිටියා. මට ඒ අයව මතක් වෙලා එයාලට මොනවා වෙලාද කියලා බලන්න මම ආයෙත් ඇතුළට ගියාට කිසිම දෙයක් පෙනුණේ නැහැ. බස් එකේ උඩ එල්ලිලා කකුල් දාලා ටච් කරලා බලලා හිටපු අයව මම එළියට ගත්තා.

තව වයසක සීයා කෙනෙක් හිටියා. එයා හිරවෙලා හිටියේ. එයාව එළියට ඇදලා ගන්න ට්‍රයි කළා. එතකොටත් එයා නැතිවෙලා හිටියේ. පස්සේ තව අයියා කෙනෙක් එහා පැත්තෙන් ගිහිල්ලා ඒ සීයාගේ කකුල් එළියට ඇදලා දුන්නා. තව මහත ඇන්ටි කෙනෙක් හිටියා. එයත් නැතිවෙලා හිටියේ.

තව අයියලා කිහිප දෙනෙකුත් හිටියා. අහුවෙන අහුවෙන කට්ටිය බේරගත්තා. පුළුවන් විදියට කට්ටිය එළියට ගත්තා. බස් එකේ කවුරුත්ම නැහැ කිව්වාට පස්සේ අන්තිම වතාවටත් බස් එකට බැහැලා බැලුවා….’

මේ අතර බස් රථ අනතුරින් දිවි බේරාගත් එහි ගමන් කළ තරුණයකු තමන් මුහුණදුන් අත්දැකීම විස්තර කළේ මෙලෙසයි.

‘බස් එක කදුරුවෙල ඉඳලා කල්මුණේ යන්න ආවේ. බස් එකේ 50ක් වගේ හිටියා. දහ දෙනෙක් වගේ හිටගෙන හිටියා. 7.30ට විතර තමා බස් එක ස්ටාර්ට් කළේ. හයිස්පීඩ් තමා ආවේ. පාලමට ළං වෙද්දී එකපාරටම නැවතුණා. නැවතිලා එකපාරටම ඇතුළට වැටුණා. මම හිටියේ ජනෙල් පැත්තේ. මම මුලින්ම එළියට ආවේ. පොලීසිය ආවා විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත. ගොඩක් අයට සිහිය තිබුණේ නෑ….’

Sri Lanka Latest News

සිය පවුලේ තුන්දෙනෙක්ම මෙම අනතුරෙන් අහිමි වීම දරාගන්න බැරිවූ පියෙක් හැඬූ කඳුළින් මෙලෙස පවසා සිටියා.

‘මගේ දරුවයි බාප්පයි නැන්දයි තුන්දෙනාම නැතිවුණා. මගේ බාප්පට අවුරුදු 85යි. නැන්දම්මාට අවුරුදු 67යි. මගේ දරුවට අවුරුදු 13යි. මට කියන්න දෙයක් නැහැ. වාහනවල යන කට්ටිය පරිස්සමෙන් යන්න කියලයි කියන්නේ. මගේ සහෝදරයෝ වගේ මම කියන දේ අහලා පරිස්සමෙන් රිය පදවන්න කියා ඉල්ලා සිටිනවා….’

මියගිය පිරිස අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුද සිටියා. දමිත් සාගර සහ සමිත දිල්ශාන් යන සොහොයුරන් දෙදෙනා එලෙස මියගොස් තිබුණු අතර, ඔවුන් යමින් සිට තිබුණේ විශ්වවිද්‍යාලයට නිබන්ධනයක් භාරදීම සඳහායි.

අනතුරට ලක්වූ බස් රථය ධාවනය කළ රියැදුරු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මනම්පිටිය අනතුර සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබුණා. රට පුරා ධාවනය කරන මගී බස්රථ සඳහා බලපත්‍ර ලබාගන්නා ලෙසත්, ඊට අනුගත නොවුණහොත් දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඇමැතිවරයා දැනුම් දී තිබුණා.

මේ අනතුර පිළිබඳ අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසා තිබුණේ අවිධිමත්ව ධාවනය කරන බස් රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවයි.

මනම්පිටිය අනතුර පිළිබඳ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසා තිබුණේ මීට වසර 06කට පෙර කොටලිය පාලම අවදානම් ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුණු බවත්, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය වීම හේතුවෙන් එවැනි අවදානම් ස්ථාන පිළිසකර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘මේ බස් රථයට පොළොන්නරුවට එන්න අවසරයක් නැහැ. සාමාන්‍යයෙන් උතරුමැද පළාතේ ඉඳලා නැගෙනහිර ප්‍රදේශයටයි එන්න ඕනේ. ඒ සඳහා ජාතික ගමනාගමන සභාවෙන් අවසර පත්‍රයක් ගන්න ඕනේ. තාවකාලික බලපත්‍රයක් තියෙන නිසා මොවුන් ඕනෙ ඕනෙ විදියට ධාවනය කරනවා…’

කෙසේ වෙතත් අනතුර සිදුව දින තුනක් ගතවන තෙක්ම බලධාරීන් එම ස්ථානය පිළිසකර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මනම්පිටිය ගම්වාසීන් සිය විරෝධතාව දක්වා තිබුණා. ඔවුන් බලධාරීන්ට විරෝධය පළකරමින් විවිධ පුවරු ප්‍රදර්ශනය කරන්නට වුණා.

එසේම මෙවැනි විශාල අනුරක් සිදුවූ ස්ථානයක බැරල් කිහිපයක් තබා කහ පැහැති ඉටි රෙදි පටි ඇද තිබීම සම්බන්ධයෙන්ද ඔවුන්ගේ විරෝධය එල්ල වන අයුරු දැකගන්නට ලැබුණා. ගම්වාසීන් එහිදී පවසා සිටියේ මෙවැන්නකි.

‘නිකන් මේ කහ පටියක් ගැටගහලා බැරල් ටිකක් දාලා තියෙනවා. මේක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්න කාලේ ඉඳලා පුදුම ඇක්සිඩන්ට් ප්‍රමාණයක් වෙලා තියෙන්නේ මෙතන. ජීවිත බිලි අරන් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. කියන්න කනගාටුයි රජයේ බලධාරීන් ඇවිල්ලා බැරල් එකක් තියලා ඒකට ගල් කැටයක් දාලා තියෙනවා. ඒක තමයි එයාලගේ විසඳුම. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කියනවා සල්ලි නෑහැලු හදන්න.

අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ පාරේ දෙපැත්තේ බම්පර් දෙකක් දාලා දෙන්න, පොඩි බෝඩ් කෑල්ලක් ගහලා දෙන්න පාර පටුයි කියලා. මේක කරන්න අමාත්‍යංශයේ සල්ලි නෑලූ. අපි තමයි මේකේ මීනි ගොඩගත්තේ. ඔය කියන මිනිස්සු කවුරුත් ආවේ නැහැ. මිනී 10ක් 12ක් අපි ගත්තේ බැහැලා. මීට ඉස්සෙල්ලා ආමි එකේ බස් එකක් වැටුණා. මඩකළපුවේ ඩොක්ටර් කෙනකුගේ වාහනයක් ෆැමිලි එක පිටින්ම වැටුණා. අපි මාස තුනකට කලිනුත් මේ ගැන මාධ්‍යයට කිව්වා. අපි අහන්නේ ඇයි මේකට විසඳුමක් දෙන්නේ නැත්තේ කියලා. මේක ප්‍රධාන මාර්ගයක්. කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ මේක හදන්න.

බන්දුල ගුණවර්ධන මහත්තයෝ සල්ලි නැත්නම් කරුණාකරලා කියන්නේ ඔයාලා ගෙදර යන්න කරන්න පුළුවන් කෙනෙක්ට දීලා…’

රියැදුරකුට නිදිමත එන්නේ එකවර නෙවෙයි. රියැදුරකුට නිදිමතක් දැනුණොත් තමන්ගේ අතේ තියෙන ජීවිත ගැන හිතලා වාහනය පාර අයිනක නවත්තලා ටිකක් නිදාගෙන රිය පදවන්න කටයුතු කරන ලෙස සෑම රියැදුරකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නොකළොත් අහිංසක ජීවිත ගණනාවක්ම අනතුරේ. ආරක්ෂා සහිතව මගීන් රැගෙන යාමේ වගකීම තමන් අත ඇති බව සෑම රියැදුරෙක්ම හිතට ගන්නට අවශ්‍යයි.

මේ අනතුරුවලට හේතුව නොසැලකිලිමත්කමින් රිය පැදවීමයි. නොසැලකිලිමත්කමින් රිය පදවන්නන්ට දැඩි දඬුවම් පැමණවිය යුතුයි. එසේම අනතුරුදායක මාර්ග, පාලම්, බෝක්කු ආදිය කඩිනමින් අලුත්වැඩියා කිරීමද වගකිව යුතු පාර්ශ්වයන්ට පැවරෙන වැදගත් කාර්යභාරයකි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පළාත් පාලන මැතිවරණය දිනාගන්න විපක්ෂ නායක කාර්යාලයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නියෝජිතයෝ-මැතිවරණ නිරීක්ෂකයෝ-රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙති! ඒකාබද්ධ සටනක් දියත් කරන්න තීන්දු කරති! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මරණ කීපයක්! බාල බෙහෙත්! කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම ඇරඹේ! හෘදය සාක්ෂියක් ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.