රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියම කළේය.Sri Lanka Latest News
මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබාදුන් අධිකරණය අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කළේය.










