පේරාදෙණිය රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයෑමෙන් පසු එම මරණයට තුඩුදුන් බවට සැක කරන සෙෆ්ට්‍රිඇක්සෝන් (ceftriaxone) නමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. (Sri Lanka Latest News)
මෙසේ ඉවත් කළ ඖෂධ තොගය අද :13* දිනයේදී රසායනාගාර පර්යේෂණයක් සදහා රජයේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත ගෙන ඒමට නියමිත බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර සඳහන් කළේය.
මෙම එන්නත් තොගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් ලබාදිය හැක්කේ රසායනාගාර පරික්ෂණයෙන් අනතුරුව යැයිද හෙතෙම පැවසුවේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුවේ අදාළ එන්නත් තොගය රොහලේ ඖෂධ ගබඩාව තුළ නිසි ලෙස ගබඩා කර තිබෙන්නේද, ඒවා භාවිතයට ගැනීමේදී නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳ සෙවිම සඳහාද අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවය.
lankasara










