ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් වන අතර 2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබි්‍රඩ් වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබේ.
එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති බවත් අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් නම් එම රථ පරීක්ෂාකරගැනීමක් කළ යුතු බවත් ඒ සමාගම කියයි.










