අල්ලස් කොමිසම, ඔහුට එරෙහිව ගොනු කර තිබුණු චෝදනා ඉල්ලා අස්කර ගත් බැවින්, හිටපු අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න සහ ඔහුගේ ලේකම් දූෂණ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේ ය.Sri Lanka Latest News
කෙසේ වෙතත්, අවශ්‍ය නම් නඩුව යළි පැවරීමේ හැකියාව කොමිසමට තිබෙන බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ.
සිවිල් ගුවන් සේවා පනතට පටහැනිව, 2011 සහ 2012 අතර කාලයේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංවර්ධන නිළධාරියෙකු ලෙස පුද්ගලයෙකු පත් කිරීම හරහා රජයට අයුතු පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව නඩු පවරා තිබුණි.










