කුරුදුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් අලෙවිසලකින්, රුපියල් විසි දහසක පමණ වටිනාකමකින් යුතු ඩෙනිම් කලිසම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ තරුණයෙකුට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, බරපතල වැඩ ඇතිව වසරක සිරදඩුවමක් ලබා දී තිබේ.Sri Lanka Latest News
සොරකම සිද්ධ වී ඇත්තේ, 2017 වසරේ ජනවාරි මාසයේ දී ය.
සිද්ධිය වූ දිනවලදී ම සී.සී.ටී.වී දර්ශන මත පදනම්ව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. මුල් අවස්ථාවේ දී අධිකරණය ඔහුට ඇප ලබා දී තිබෙන අතර, නඩුව වසර හයක් විභාග වෙමින් තිබී ඇත.
ඒ අනුව, ඊයේ දිනයේ දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට බරපතල වැඩ ඇතිව වසරක සිරදඩුවමක් නියම කර තිබේ.
lankadeepa










