දරුඵල ප්රමාදවීම හේතුවෙන් විරේක ඖෂධයක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජී. දිල්මි සඳුනිකා විජේරත්න නමැති සීගිරිය ප්රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.
අදාළ කාන්තාව මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර, මේ වනතුරු දරුඵල නොමැති වීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියකට අයත් දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් විරේකයක් ලෙස දින තුනක් තිස්සේ පානය කර ඇත.
ඉන් පසුව තරුණියට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ජයන්තිපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ්වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
lankadeepa










