පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනි දා කැඳවා තිබේ.Sri Lanka Latest News
ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන්ද්‍ර රාඝවන්, චාමර සම්පත් දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත.










