වෙලන්ගහවෙල ප‍්‍රදේශයේ ආරම්භකර ඇති බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප‍්‍රධාන මාර්ගයේ කුට්ටිගල වෙලංගහවෙල ප‍්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින් ව්රෝධතාවයක නිරත වූහ.Sri Lanka Latest News
එම මාර්ගයේ වාහන ගමනා ගමනයට තරමක බාධා ඇති වූ අතර එම විදෙස් සංචාරකයන්ට හා ගිලන් රථවලට බාධා නොකළහ.
මාර්ගය අවහිර නොකර විරෝධතාවන්හි නිරතවන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අවනත නොවූ ව්රෝධතාකරුවන් හා පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.
තම ප‍්‍රදේශයේ දරුවන් මත්පැනට දිනෙන් දින ඇබිබැහි වන බවත් අනාගත පරපුර රැක ගැනීම සදහා විරෝධය පවත්වන නිසා වහා එම ස්ථානයට බලධාරියෙක් කැදවන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ පොලිසිය ව්රෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ එයට මැදිහත් වන්න හැකි නමුත් මාර්ගයෙන් ඉවත් වන ලෙසය.










