නිවසේ ඇතිකළ සුනඛයා සපාකෑමෙන් බරපතල තුවාල ලැබූ වියපත් මවක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (09) පැවැති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණ විය.
සුනඛයා මෙකී මවගේ පපු ප්‍රදේශය සපාකා බරපතල තුවාල සිදුකොට තිබුණි.
සුනඛයා සපාකෑමෙන් බරපතල තුවාල ලැබූ මව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ කෝදාගොඩ ගමගේ දයාවතී නමැති 76 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය අහංගම දිගබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
lankasara










