2019 ජනාධිපතිවරණයෙන් පසුව මාසයක් දෙකක් හෝ තුනක් ඇතුළත රටේ සුපිරි ධනවතුන්ට බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන් බවත් ඒ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා පහළ වැටුණු බවත් ඒ නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච්, මූඩීස්, ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර් අප රටේ ශ්‍රේණිගත කිරීම් පහළ දැමූ බවත් ඒ නිසා රජයට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වී අඩු පොලියට ණයක් ගැනීමේ පහසුකම අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ සිදුවීම වෙනකොට බිලියන 600ත් 700ත් අතර බදු සහනය ලබා දෙන්න කටයුතු කළේ කවුද? ඒ සඳහා අත ඉස්සුවේ සහ කතා කළේ කවුද? පෙනී සිටියේ කවුද? කියා ගැටලුවක් බවත් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා පහළ වැට්ට වූ පාර්ශ්වය රටේ බංකොලොත් බව සෙවීමේ කමිටුවේ සභාපතීත්වය දරණවා නම් එය වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රට බංකොලොත් වෙන්න හේතු වූයේ එම බදු සහන ලබා දීම බවත් ඒ නිසා අරගලයක් පවා නිර්මාණය වී 69 ලක්ෂයක් පත් කළ ජනාධිපති පවා එලවා දැමූ බවත් මේ ඛේදවාචකයට තුඩු දුන් හේතු කරුණු කාරණා පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සභාපති ධුරයට මීට හේතු වූ පුද්ගලයන් පත් කිරීම යුක්ති සහගත ද කියා සිතා බලන ලෙස ද විපක්ෂ නායකවරයා කතානායකවරයාට කියා සිටියේය.
ජනාධිපතිවරණ ව්‍යාපාරය ගෙන යන්න මුදල් ලබා දීපු සුපිරි ධනවතුන්ට ඒ ලබා දුන් සන්තෝසමට සමගි ජන බලවේගය සම්බන්ධ නැති බවත් මේ කමිටුවේ සභාපතිධුරය යා යුත්තේ ඒ සඳහා විරුද්ධව අත ඉස්සූ විරුද්ධ පක්ෂයට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.










