ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමට තරුණ තරුණියන් සූදානම් කිරීම අරමුණු කරගත් “Mission 24” වැඩමුළුව ඊයේ (04) දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි. Sri Lanka Latest News
කොලඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා සමඟ එක්සත් ජාතික තරුණ බලකාය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා එක්සත් ජාතික පක්ෂ ගරු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ගරු මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාද සහභාගී විය.

















