සේවක අර්ථසාධක අරමුදල පමණක් නොව තවත් අරමුදල් රැසක මුදල් කප්පාදුවකට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි සේවක සංගමයේ ආනන්ද පාලිත මහතා අවධාරණය කළේය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා සේවකයන් තිස් ලක්ෂයකට ලැබිය යුතු වරප්‍රසාද අහිමි වී යනු ඇති බවකි.
ආණ්ඩුව මෙය සගවාලීම සදහා කඩිමුඩියේ සෙනසුරාදා දින පාර්ලිමේන්තව කැදවා විපක්ෂයට කතා කිරීමට අවස්ථාව නොදී යෝජනාව සම්මත කරගත් බවද හෙතෙම සදහන් කළේය.










