ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී නුවරඑළිය ජනාධිපති මන්දිරයේදී ඉහළ පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ, මෙරට තානාපති සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙනි.
එම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා තානාපතිවරුන්ගේ බිරින්දෑවරුන්ටද ආරාධනා කොට තිබී ඇති බව දැනගන්නට ඇත.
ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අරමුණින් මෙසේ නුවරඑළියේ ජනපති මැදුර තුළ භෝජන සංග්‍රහය පවත්වා ඇති බවක්ද දැනගන්නට තිබේ.
ජනපති බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම උත්සවයට සහභාගී වී සිට ඇත.










