හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. (Sri Lanka Latest News)
ඊයේ (01) දහවල් ඔවුන් මෙලෙස හන්නාත වෙත යමින් සිටියදී බඹර කූඩුවක් ඇවිස්සී සිසු සිසුවියන්ට දෂ්ඨ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
එහිදී හෙළිවී ඇත්තේ බඹර දෂ්ඨණය හේතුවෙන් සිසුවියන් 15ක් සහ සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර රෝහලට ඇතුලත් කර ඇති අතර, මීපේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
dasathalankanews










