• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් කමිටුවේදී සජිත්ට කතා කිරීම තහනම් කළ මැතිඇමැතිවරුන්ගේ නම් ලිස්ට් එක එළියට එයි! EXCLUSIVE I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මුදල් කමිටුවේදී සජිත්ට කතා කිරීම තහනම් කළ මැතිඇමැතිවරුන්ගේ නම් ලිස්ට් එක එළියට එයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය බ්‍රහස්පතින්දා (29) පැවැති පාර්ලිමේන්තුවේ මුදල් කමිටු රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දැක්වීම තහනම් කරමින් නියෝගයක් පැනවීමට එහි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පියවර ගත්හ. Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මුදල් කමිටු රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි වී සිටි අතර, විපක්ෂ නායකවරයා එහිදී සැලසුම් කර තිබුණේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන හානිය පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩිව ප්‍රශ්න කොට, ඊට විරෝධය පළකිරීමටය.

මේ බව කල් තියාම වටහාගෙන සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙහිදී විපක්ෂ නායකවරයාගේ පැමිණීමට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා සහ සුරේන් රාඝවන් යන මහත්වරුන් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා මුදල් කමිටුවේ සාමාජිකයකු නොවන බැවින් ඔහුට එම කමිටුවේ අසුන්ගත නොහැකි යැයි කියාය.

නමුත් ඊට විරෝධය පළකොට තිබූ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩිව කියා තිබුණේ විපක්ෂ නායකවරයාට නිල බලයෙන් ඕනෑම කමිටුවක අසුන්ගත හැකි බවත්, මීට පෙරද එවැනි උදාහරණ ඕනෑ තරම් ඇති බවත්ය.

නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරද්දී අවසානයේදී කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කොට තිබුණේ එසේ නම් ඡන්ද විමසීමක් පවත්වා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතු යැයි කියාය.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂ නායකවරයා කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව ඡන්ද 10කුත්, කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂව ඡන්ද 06කුත් ලැබී තිබිණි. එක් මන්ත්‍රීවරයකු පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙසේ විපක්ෂ නායකවරයාගේ පැමිණීමට සහ අදහස් දැක්වීමට විරෝධය පළකරමින් ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 10 දෙනා වන්නේ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, අනූප පැස්කුවල්, මධුර විතානගේ යන මැති ඇමැතිවරුන්ය.

විපක්ෂ නායකවරයාට පක්ෂව ඡන්දය භාවිත කොට තිබුණේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන්ය.

පාඨලී චම්පික රණවක මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි ෂෙහාන් සේමසිංහ මහතාද ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මුදල් කමිටුවට නිරීක්ෂකයකු වශයෙන් සහභාගි වුවද, අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ආකාරයක් ද දැකගත හැකි විය.

SendShareShare
Previous Post

තායිලන්තයෙන් දීපු දළ ඇතා ‘මුතු රාජා’ ආපහු අරන් යන්න රුසියාවේ ගුවන් යානයක් ඊයෙ රෑ කටුනායකට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්න පාර්ලිමේන්තුව රැස්වෙයි! සිදුවන දේ සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.