ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. Sri Lanka Latest News
මෙම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන් බවද පොලිස් මුලස්ථානය පවසයි.
වාර්තා වු සිද්ධීන් හතෙන් හතරක් ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත්, තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව පොලිසිය පවසයි.
වයස අව්රුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන් දැරියන් මෙලෙස දුෂණයට ලක්ව ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය,පදවිය,මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.










