• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක අවසන් ‌නම් ලිස්ට් එක නෙමෙයි! නම් නැති ඔක්කොම ජුලි 10ට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

June 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේක අවසන් ‌නම් ලිස්ට් එක නෙමෙයි! නම් නැති ඔක්කොම ජුලි 10ට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ ගෙන යන වැරදි ප්‍රචාර හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් ලේඛනය නොවන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

අපට පසුගිය කාලයේ රටක් ලෙස විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වයෙන් රට යළි ගොඩගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස දිළිඳු ජන කොටස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කළා.

සාමාන්‍යයෙන් අපේ රටේ මෙතෙක් පැවතුණේ යම් සමාජ සුබසාධක වැඩසටහනකට ඇතුළත්වන පුද්ගලයන් එතැනින් සවිබල ගැන්වී, ආර්ථිකය සවිමත් කර ගන්නවා වෙනුවට සදාකල්ම එම සහන මත යැපීමේ ක්‍රමවේදයක්. නමුත් මෙම වැඩසටහන එතැනින් එහාට ගිය වැඩසටහනක් බව කිවයුතුයි.

එහිදී 2001 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව අදාළ සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. මෙම සුදුස්සන් තෝරා ගැනීම ක්ෂේත්‍ර 06ක් සහ ඊට අදාළ දර්ශක යටතේ තමයි සිදු වුණේ. ඒ අනුව සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එය කිසිසේත්ම අවසාන නාම ලේඛනය නොවන බව අවධාරණය කළ යුතුයි.

මෙම ප්‍රතිලාභය හිමි විය යුතු, එහෙත් දැනට ප්‍රකාශයට පත් කර ඇති නාම ලේඛනයට නම ඇතුළත් නොවූ යම් පුද්ගලයෙක් හෝ පවුලක් සිටී නම් ලබා දී ඇති අභියාචනා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තම අභියාචනා භාරදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එසේම නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත් වී ඇත්නම් ඒ සම්බන්ධව ද විමසීම් සිදු කළ හැකියි.
විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවන ලෙසත්, ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා කෙරෙන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා එක් නොවන ලෙසත් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඒ වගේම රජය දැනුම් දී ඇති ක්‍රමවේදය සමඟ ඊට අනුගතව කටයුතු කරන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් අභියාචනා කාලය අවසන් වීමෙන් පසු අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ අවසන් නාම ලේඛනය සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා. එහිදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා.
මේ අතර වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-27

SendShareShare
Previous Post

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු තරුණ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළට! ඔබේ දරුවාත් ඒ අතරද? VIDEO I Sri Lanka Latest News

Next Post

යෝග, ප්‍රයෝග සහ සම්‍යක්ප්‍රයෝග I Sri Lanka Latest News

MORE NEWS

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට යෝජිත නුවරඑළිය...

Read more
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.