අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හරහා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 10කට ප්‍රතිලාභ අහිමි වී ඇති බවට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. Sri Lanka Latest News
එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වාදුන් 1924 ක්‍ෂණික ඇමතුම් අංකය ද අක්‍රීය තත්ත්වයේ පවතින බවයි.
සමෘද්ධිය වෙනුවට ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යේජනා ක්‍රමය යටතේ ගෙවීම් ලේඛනය මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.
මේ අතර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය තාවකාලිකව අත්හිටුවන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
ඒ, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.










