• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

2001 සටන් විරාම ගිවිසුම සහ 2023 IMF ගිවිසුම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 24, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
2001 සටන් විරාම ගිවිසුම සහ 2023 IMF ගිවිසුම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2002 සටන් විරාම ගිවිසුම මතකද?

ඒක රනිල්ගේ දේශපාලන ඉතිහාසයේ රනිල් ලබපු ලොකුම ජයග්‍රහණයය. ඒ වෙනකොට ප්‍රභාකරන් කටුනායක ගුවන් තොටුපළටත් ගහලා කොළඹ වරායට එන නැව් නවත්තලා රටේ ආර්ථිකය ඍණ කරල තිබිණි. ප්‍රභාකරන් හිටියේ ඊළාම් දොරකඩය. රනිල් 2002 අගමැති වී එහෙව් ප්‍රභාකරන් එක්ක සටන් විරාම ගිවිසුමක් ගැහුවේය. සටන් විරාම ගිවිසුම ගහන දවසේ ලෝකයේම මාධ්‍ය ලංකාවට ආහ. ලොව අංක එකේ ප්‍රවෘත්තිය වූයේ රනිල්-ප්‍රභා සටන් විරාම ගිවිසුමය. යුද්ධෙ දැන් ඉවරයි කියා ලංකාවේ මිනිස්සු ජය පැන් බිව්හ. ප්‍රභාකරන් කැලයෙන් එළියට ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේය. රනිල් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කළේය. මිනිස්සු ඊට එරෙහිව වචනයක්වත් කීවේ නැත. රනිල් සාම සාකච්ඡා පටන් ගත්තේය. ආණ්ඩුවේ නියෝජිතයන් සහ එල්.ටී.ටී.ඊ.ය ලෝකෙ වටේ යන්න පටන් ගත්හ. රනිල් ඔස්ලෝ ආධාර සමුළුව, වොෂින්ටන් ආධාර සමුළුව, ටෝකියෝ ආධාර සමුළුව කිය කියා සමුළු තිය තියා ගියේය. ඒ සමුළුවලින් ලංකාවට ඩොලර් බිලියන ගණන් ආධාර දෙන්න ලොව බලවත් රටවල් පොරොන්දු විය. හැබැයි එක කොන්දේසියක් මතය. එනම්, රනිල් සහ ප්‍රභාකරන් සාම සම්මුතියකට එකඟ විය යුතුය. වෙනත් වචනවලින් කියනවා නම් උතුරු-නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් දිය යුතුය. Sri Lanka Latest News

රනිල් කොටු වුණේ ඒ වෙලාවේය. ඔස්ලෝහිදී රජයේ නියෝජිත පිරිසේ නායක ජී.එල්. පීරිස් සහ එල්.ටී.ටී.ඊ. නියෝජිත පිරිසේ නායක බාලසිංහම් ෆෙඩරල් පාලනයකට එකඟ වුවත් ප්‍රභාකරන්ගේ ළඟම සගයා වූ ඔත්තු සේවා නායක පොට්ටු අම්මාන් ෆෙඩරල් යෝජනාවට එරෙහි විය. ප්‍රභාකරන්ද හිටියේ පොට්ටු අම්මාන්ගේ ස්ථාවරයේය. ඉන් පසු ෆෙඩරල් පාලනයකට යන්න පෙර අන්තර්වාර පාලනයකට යන්න රජයේ නියෝජිතයන් සහ එල්.ටී.ටී.ඊ. නියෝජිතයන් එකඟ විය.

මේ වෙනකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඍණ කරපු ආර්ථිකය ධන කරන්න රනිල් අනුගමනය කළ ආර්ථික න්‍යාය නිසා රටේ ආර්ථිකය හැකිළී, බිස්නස් බින්දුවට වැටී තිබිණි. බඩු මිල වැඩි වී තිබිණි. වැටුණු විපක්ෂය වූ චන්ද්‍රිකාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජවිපෙ සටන් විරාම ගිවිසුමට සහ අන්තර් පාලන ඒකකයට එරෙහිව මිනිස්සු පාරට බස්සා තිබිණි.

‘යුද්ධය නතර වුණා. සාමය ආවා. අපිට මොනවද හම්බවුණේ? දැන් යුද්ධයට යන සල්ලිත් ඉතුරුයි…’
මේ, මිනිස්සු කී කතාවය.

‘සටන් විරාමයෙන් මිනිස්සුන්ට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි ප්‍රභාකරන්ට යහමින් ලැබුණා….’

මේ, විපක්ෂය කලකිරීමට පත් මිනිස්සුන්ට දුන්න එන්නතය. මේ එන්නත හොඳට වැඩකළේය. රනිල්ට ප්‍රභාකරන් සමග පාලන ඒකකයක් හදාගන්න බැරි විය. ප්‍රභාකරන් සාම සාකච්ඡා මේසයෙන් ඉවත් විය. සමුළුවලින් ලැබීමට නියමිත ආධාර අහිමි විය. චන්ද්‍රිකා වෙලාව අල්ලලා රනිල්ගේ ආණ්ඩුව හොලවලා පොළොවේ ගැසීය.

රනිල්ගේ මේ සටන් විරාම විජ්ජාවත් අයි.එම්.එෆ්. විජ්ජාවට දෙවැනි නොවේ. රනිල් සටන් විරාමයට ගියේ මාර්ග සිතියමක් නැතුව ඔහේ සාකච්ඡා ඇදගෙන ගිහින් උතුරේ ඡන්දවලින් ජනාධිපති වෙන්නටය. ඊට කලින් ප්‍රභාකරන් සමග ෆෙඩරල් හෝ අන්තර් පාලන ඒකකයකට ගියොත් සිංහල බෞද්ධ ඡන්ද නැතිවෙයි කියා ඔහු බය විය. ඒ නිසා ඔහුට අවශ්‍ය වූයේ සාම සාකච්ඡා 2005 ජනාධිපතිවරණය තෙක් ඇදගෙන යෑමටය. එවක ජනාධිපති චන්ද්‍රිකා සහ ප්‍රභාකරන් එය තේරුම් ගෙන රනිල්ට යන එන මං නැති කළහ. රනිල්, රාජපක්ෂලා සමග ගනුදෙනුවකින් ජනාධිපති වී අයි.එම්.එෆ්. සමග ගිවිසුමක් අස්සන් කොට පළමු ණය වාරිකය ලබාගත්තේ ලෝකයම දින්නා වගේ පෙන්වලාය. රනිල්ගේ පාක්ෂිකයන් රට පුරා රතිඤ්ඤා පත්තු කළේ දැන් ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණා කියාය.

2002 සටන් විරාම ගිවිසුමට ජාත්‍යන්තරය සහාය දුන්නේ ෆෙඩරල් වැනි පාලන ඒකකයකින් උතුරේ ප්‍රශ්නය විසඳන්නටය. සටන් විරාම ගිවිසුම අස්සන් කරන වෙලාවේ එය කොච්චර අමාරු දැයි රනිල් හිතුවේ නැත. රනිල්ට ඕනෑ වුණේ ජනාධිපති වෙන්න, තාවකාලිකව යුද්ධය නතර කරලා ආර්ථිකය ඍණ හෝ ධන කරවා දෙමළ ඡන්ද දිනාගෙන ජනාධිපතිවරණයට යන්නටය.

රනිල් අයි.එම්.එෆ්. ගිවිසුමට අස්සන් කළේත් අයි.එම්.එෆ්. දමපු කොන්දේසිවලින් කරන්න පුළුවන් මොනවාද නැද්ද කියා හිතුවේ නැත. ඔහු ඔක්කොම කොන්දේසිවලට එකඟ වූයේ ‘ඔන්න මම අයි.එම්.එෆ්. ගත්තා. දැන් ඔක්කොම හරි. දැන් මාව මහජන ඡන්දයෙන් ජනාධිපති කරවන්න’ කියා මහජනතාවට කියමිනි.

රනිල් අස්සන් කළ සටන් විරාම ගිවිසුමේ බරපතළකම රනිල්ටම තේරුම් ගියේ මාස කිහිපයකට පසුවය. රනිල් අස්සන් කළ අයි.එම්.එෆ්. ගිවිසුමේ බරපතළකම රනිල්ට තේරෙන්නේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන විටදීය.

රනිල් අගමැති වී මුදල් ඇමැති වී පසුගිය මැයි මාසයට වසරකි. මේ වසරට රනිල් මුදල් ඇමැති ලෙස 2023 දෙසැම්බර් සිට මාර්තු දක්වා මාස තුනට ඩොලර් බිලියන 6,853ක් ණය අරන් ඇත. ඒ කියන්නේ මේ මාස තුනට පමණක් ලංකාවේ ණය කන්ද ඩොලර් බිලියන 40.12 සිට 46.89 දක්වා වැඩිවී ඇත.

‘ඉතිං අජිත් නිවාඩ් කබ්රාල් කළේත් මේකම නේද…?’
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කළේත් ඩොලරය පාලනය කොට දේශීය සහ විදේශීය මූලාශ්‍රවලින් ණය ගැනීමය. එකම වෙනස අජිත් නිවාඩ් මිනිස්සුන්ට බදු ගැහුවේ නැත. අයි.එම්.එෆ්. ගියේ නැත.

මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. ගිහිල්ලාත් මිනිස්සුන්ට බදු පිට බදු ගහලාත් ඩොලරය පාලනය කරලාත්. ඩොලර් බිලියන 6කින් ණය කන්ද වැඩි කරගෙන ඇත.

ලංකාව බංකොලොත් වූයේ ඩොලර් නැති වී විදේශ වත්කම් හිඟ වූ නිසාය. ඒත් තවම ඩොලර් හොයන්න කිසිදු සැලැස්මක් නැත. ඩොලර් හොයන්න ප්‍රේමදාස හදපු ඇඟලුම් කර්මාන්ත වැසීගෙන යයි. ඩොලර් හොයන්න ජේ.ආර්. දියුණු කරපු සංචාරක කර්මාන්තය යන්නේ හොම්බෙන්ය. මේවා පණගන්වන්න සැලැස්මක් නැතිව ණය පිට ණය ගත්තාම ආයෙත් රට බංකොලොත් නොවුණොත් පුදුමය.

‘එතකොට අයි.එම්.එෆ්. ගිහින් ඩොලර් මිලියන 333ක් අරන් ඇවිත් ඒකෙනුත් කොටසක් ඉන්දියාවේ ණය ගෙවලා මොනවද ලංකාවට හම්බවෙලා තියෙන්නේ…?’

අයි.එම්.එෆ්. ණය අනුමත වී පළමු වාරිකය ගෙන රතිඤ්ඤා ගහලා රනිල් සහ ආණ්ඩුව කිව්වේ අයි.එම්.එෆ්. අනුමත වීම නිසා ලංකාවට ඩොලර් බිලියන 7ක් අනෙකුත් බැංකුවලින් ලබාගන්න පුළුවන් කියාය. පහත දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය අයි.එම්.එෆ්. සහනය අනුමත වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයය.

‘විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වීය සංවිධාන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසේ….’
20.03.2023
ජනාධිපති ලේකම් කාර්යාලය

ජනාධිපති ලේකම් කාර්යාලය මේ නිවේදනය නිකුත් කොට දැන් මාස තුනකි. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය මැයි 29 ඩොලර් මිලියන 350ක් අනුමත කළේය. ලෝක බැංකුව ජුනි 19 ලංකාවට ඩොලර් මිලියන 700ක් අනුමත කරන්න යන බව වාර්තා විය. එම මුදල අනුමත කරන්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළාට පසු ඔක්තෝබරයේ බව එම වාර්තාව පළකළ රොයිටර් වාර්තා කළේය. ලංකාවට ඩොලර් මිලියන 700ක් අනුමත කරන්න යන බව නම හෙළිකළ නොහැකි ආරංචි මාර්ගයකින් තමන්ට දැනගන්නට ලැබුණු බව එම පුවත වාර්තා කළ රොයිටර් මාධ්‍යවේදියා සඳහන් කොට තිබිණි. ඒ කියන්නේ එය කටකතාවකි. හොඳයි එය ඇත්ත වුණත් ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 1ක් සහ මිලියන 50කි.

‘එතකොට අර දෙනවා කිව්ව ඩොලර් බිලියන 7…?’

ඒ ගැන තවම කවුරුවත් කතා නැත. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගත නොහැකිව ආණ්ඩුව පඹ ගාලක පැටලී සිටී. දේශීය ණය පමණක් නොව, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගන්නටද තවම සැලැස්මක් නැත.

‘ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම දෙන්න ඕනෑ මුදල් අමාත්‍යාංශය. මම ඒ සැලැස්ම එන තෙක් බලාගෙන ඉන්නවා…’

පසුගියදා මහබැංකු අධිපති කීවේය. මෙයින් පේන්නේ අයි.එම්.එෆ්. ණය අනුමත කරගෙන ඇත්තේ ජනාධිපතිවරණය දිනන්න මිස රට ගොඩගන්න නොවේ. ඔක්කොටම හා කියලා ඇවිත් දැන් ඉන්නේ කරකියාගත නොහැකිවය. 2002 සටන් විරාම ගිවිසුමත් අස්සන් කරලා දත කට නියව නියවා බලා සිටියේ මෙලෙසය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අස්වැසුමට එරෙහිව සමෘද්ධිලාභියෝ යකා නටයි! අපිව කපලා අපේ පැත්තෙම සල්ලි තියෙන අයට දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිස් නිල ඇඳුමෙන්ම LIVE ඇවිත් ‘හිත හොඳ පොලිසියේ මහත්තයා’ ‌පොලිස් ලොක්කන්ගේ පතුරු යවයි! මෙන්න වීඩියෝ 2ක් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.