දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් මෙරට ආර්ථිකය හැකිළීමකට ලක්වන බවය.
“මේ වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 92කට ආසන්න ප්‍රමාණයක්. ඉන් ඩොලර් බිලියන 47ක් විතර තියෙන්නේ දේශීය ණය. බිලියන 36ක් විතර තියෙන්නේ විදේශීය ණය.”
“රජය සහ මහ බැංකුව මේ වනවිට කඩිනමින් සිදුකිරීමට යන්නේ මේ දේශීය ණය කොටස යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කිරීමට. මේ දේශීය ණය තුළ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර.”
“මේවා තුළ තියෙන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්. මේ ප්‍රමාණය යම් ආකාරයකට කප්පාදුවකට ලක් කළොත් අනිවාර්යයෙන්ම සමාජ ආර්ථික බලපෑමක් සමාජය තුළ සිදුවෙනවා. වඩාත් දරුණු ආකාරයට පුද්ගලයින්ට බලපාන්නට පුළුවන්කම තිබෙනවා.. මොකද ආර්ථිකය හැකිලෙනවා.”










