ලෝකෙට එනවා කියන්නේම දවසක අපි මේ හැමදේම අතහැරලා යන්න වෙනවා කියන එක. මොකද අපිට මේ ජීවිත කාලේ තුල හිමිවීම් වගේම අහිමිවීම් එමටයි. හැබැයි ඒ හිමි වීම් සදාකාලික නැහැ. මොකද අපි මැරෙද්දි මේ හැමදේම දාලා යන්න වෙනවා. Sri Lanka Latest News
වසර ගාණක් තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා යන්නම යන්න ගියොත් ඒ කියන්නේ මරණයට පත් වුණොත් මොකක් හිතේවිද?
අසනීප තත්වයකින් තම පෙම්වතා අහිමිවුණු තරුණියක් ලියපු සටහනක් සමාජ ජාලාවල මේ දිනවල සැරසරනවා. ඔවුන් කොයිතරම් ආදරෙන් බැඳීමකින් ඉන්න ඇත්ද කියලා ඇයගේ මේ සටහනෙන්ම වැටහෙනවා.
පහත දැක්වෙන්නේ ඇගේ ඒ සටහන…
“නිවන්සුව කියන්න බෑ මගෙ රත්තරං මට ඔයාට.. ඔයා හොඳ තැනක ඉපදෙන්න. ආයේ කිසිම ආත්මෙක මේ වගේ අඩු ආයුෂ නොලැබෙන්න ඕන ඔයාට. ඔයා ඉන්නකොට දුක් වුණා යාළුවො ඔයා ගැන හොයන්නෑ කියලා ඒ වුණාට දැන් ඔයා බලන්න කොච්චර මිනිස්සු එනවද කියලා ඔයා දන්නෑ පන.මට කරන්න පුළුවන් හැමදෙයක්ම ඔයා වෙනුවෙන් මං කරා..මං වෙනුවෙන් ඔයා පුළුවන් තරම් ජීවත් වෙන්න අන්තිම තප්පරේ වෙනකන් හුස්ම අල්ලනවා මම දැක්කා.. ඔයා මම ලඟම ඉන්නවා වගේ මට දැනෙනවා මගෙ පන. මගේ ජීවිතේට හම්බුණ ආදරණීයම මනුස්සයා ඔයා… ඔයා වගේ කෙනෙක් ලබන්න මං පිං කරා මගේම කර ගන්න පිං මදි වෙන්නැති. තාත්තා කෙනෙක් දරුවක් බලා ගන්නවා වගේ මාව බලා ගත්ත ඔයා මම ළඟ නැති උනේ පොඩි දරුවෙක් වගේ. හුස්ම වැටෙන්නෑ කියලා දැන දැනත් මම බලන් ඉඳියා ඔයා දැන් ඇස් අරියි කියලා..කොහේ ඉඳියත් සතුටින් ඉන්න පන..ඔයාට මම මහ ගොඩක් ආදරෙයි.
උපුටා ගැනිමකි”










