තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි පන්නෙගමුව රාජකීය විද්‍යාලය සහ මාගම විද්‍යාලය යන විද්‍යාලයන් හි උසස් පෙළ විද්‍යා ඉගැන්වීම් නතර වී ඇති බවත් මෙම පාසල් ද්විත්වයේ ළමුන් විශාල ප්‍රමාණයක් ඉගෙන ලබන බවත් එය ඔවුන්ට අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
රජය විසින් ස්ටීම් එඩියුකේෂන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිය දී මෙවැනි පුවතක් ඇසීම කණගාටුවට කරුණක් බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා සාධාරණයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.










