ලග්ගල, හත්තොට අමුණ ප්රදේශයේ සිදුකළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. (Sri Lanka Latest News)
පැවති අසනීප තත්ත්වයන් සුවකර ගැනීම සඳහා කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු සඳහා මෙම ශාන්ති කර්මය සිදුකර ඇති බවයි පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත්තේ.
ශාන්ති කර්මය අතරතුරදී ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර, එම අවස්ථාවේදී එක් කාන්තාවක් අසනීප වූ බව සඳහන්.
ඇය අසනීප වූ විට ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයන් කහ වතුර පානය කිරීමට ලබාදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
ශාන්තිකර්මය සිදුකළ බව කියන ගල්කිරියාගම ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
dasathalankanews










