මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. (Sri Lanka Latest News)
ඊයේ (17) රාත්රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කළ මෙම පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා පළාගොස් තිබුණා.
තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා ඇති අතර, ඔවුන් අවුරුදු 33 සහ 43 වයස්වල පසුවන්නන් දෙදෙනෙකි.
වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
dasathalankanews










