එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් ළගදීම විශාල හෙළිදරව්වක් ආණ්ඩුව පාර්ශවයෙන් සිදුකිරීමට නියමිත බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
එම මන්ත්‍රීවරයාගේ දෙවැනි බිරියගේ නමට ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානයක සිදුව ඇති මහාපරිමාණ අයථා ගනුදෙනු රැසක ලියකියවිලි මෙසේ ප්‍රසිද්ධියට පත්වීමට නියමිත බව දැනගන්නට තිබේ.
මෙම ගිණුමට 2012 වසරේ ඩොලර් ලක්ෂයක මුදලක් බැරව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලදී එම මුදල් ලැබුණු ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කිරීමට අදාළ පාර්ශ්වයන් අසමත්ව ඇති බවත් වාර්තා වේ.
පසුව එවකදී පැවැති රජයේ ඇතැම් ප්‍රධානීන්ගේ සහායෙන් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ යට ගසා ගැනීමට එම මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.
ඉන් අනතුරුවද ගෙවුණු යහපාලන ආණ්ඩු කාලසීමාවේදීී මෙම ගිණුමට අවස්ථා කිහිපයකදීම විදෙස් මුදල් ලැබී ඇති බවක් පැවසේ.
මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරි කාලවකවානුවේදී එළියට ඒමට නියමිත බව වාර්තා වේ.
මෙම එජාප මන්ත්‍රීවරයා ආර්ථිකය සම්බන්ධයෙන් නිතරම කයිවාරු ගසන මන්ත්‍රීවරයෙකි.










