• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිංග හෙව්ව කියපු පුංචි පුතා හම්බුණ දෝ I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive, News, Sports
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලි බුකියෙන් පුතෙක් දැකලා…

රට වටෙන්ම පුතා හොයලා…

පුතා ලැබුණ, අලුත් දේවල් මෙන්න…

පහුගිය දවසක අපි දකිනවා පුංචි පැංචෙක් ෆේස්බුක් එකේ වේගෙන් පන්දු යවන ඉරියව්වක්. මේ ඉරියව්ව ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ අපට දකින්න ලැබුණා. මේ වගේ කොලුගැටයෙක් එහෙම හදිසියේම මතුවුණාම ඒ කොලුගැටයා හොයාගෙන ගිහිල්ලා එයා කවුද කියලා බලලා, එයා ගැන වීඩියෝ කරලා, එයා ගැන කතන්දර කියන එක අද වෙද්දී යූටියුබ් එකේ රැල්ලක් බවට පත්වෙලා. මේ රැල්ල ඇතුළේමද දන්නෙ නෑ හදිසියේ මේ පැංචත් එළියට එන්නේ.(Sri Lanka Latest News)

මේ පැංචා දුවගෙන ඇවිල්ලා ලොකු බෝලෙකින් හයියෙන් බෝලයක් දානවා. ඒක කවුරු හරි කෙනෙක් පටිගත කරලා සමාජ ජාලයට එකතු කරනවා. මේ කතන්දරේ එහෙට මෙහෙට පාවෙන අතර අපි දැක්කා ලංකාවේ පන්දු යවන්නන් අතර එක්තරා ආන්දෝලනාත්මක චරිතයක් වුණු ලසිත් මාලිංග එයාගේ නිල සමාජ ජාල පිටුවේ මේක පළකරලා තියෙනවා. ඒක ඔහු පළකරලා තිබුණේ නිකන්ම නෙවෙයි. ඔහු එහි සඳහන් කරලා තිබුණේ මට මේ කොලු පැංචව හොයලා දෙන්න කියලා. මේ කොලු පැංචව හොයලා දෙන්න කියලා ලසිත් මාලිංග ඉල්ලීමක් කරලා ටික වෙලාවකින් මේ කොලු පැංචා කවුද කියන එක හොයාගන්න පුළුවන් වෙනවා.

ඔහුගේ ගෙදරට ගිහිල්ලා, ඔහුගේ කතන්දරේ කියලා, ඔහු පන්දු යවන ඉරියව්ව ආයෙත් පටිගත කරලා ඒ සියල්ලම කරන්න අපේ රටේ මාධ්‍ය ඉක්මනින් කටයුතු කළා. කොච්චර බැන්නත් අපේ රටේ මාධ්‍යවල තියෙන වටිනාකමත් ඒකයි. ඔවුන් ජීවිතේ පරදුවට තියලා ඕනෙම දෙයක් පස්සේ පන්නනවා. මේක නම් ජීවිතේ පරදුවට තියලා කරන්න ඕනෙ දෙයක් නෙවෙයි. මම කිව්වේ වෙනත් ඕනෑම අවස්ථාවක ඔවුන් එහෙම කරනවා කියන එක. එක හරි සුන්දර දෙයක්.

හැබැයි මේ පුංචි කොලු පැටියා ඉන්නේ පුංචි ගෙදරක. ඒ පුංචි ගෙදර ඉන්න පැංචා පිට්ටනියකට ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා බෝලයක් දානවා විකට් පොලු ගැලවිලා යන ආකාරයට. මේ ගැන හොයපු ලසිත් මාලිංගට දැන් කෙනා කවුද, ඉන්නෙ කොහෙද කියන එක පවා හොයලා දීලා ඉවරයි. ලසිත් මාලිංග මේ වෙලාවේ ලංකාවේ නෑ. මම හිතන්නේ ඔහු ඉන්නේ ඔස්ටේ්‍රලියාවේ. ඔහු කවදා හරි දවසක ලංකාවට ආවට පස්සේ මේ පැංචව මුණගැහෙයි කියලා අපි විශ්වාස කරනවා. ලංකාවේ නම් ඉතින් පන්දු යවන්න පුළුවන්, හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් පැංචො ගොඩක් එළියට ආවා. අවාසනාවක ඒ පැංචන්ගෙන් වැඩක් ගත්තා නම්, වැඩක් ගත්තේ කොහේ හරි ඉන්න කෙනෙක් විතරයි. අන්තිමට ඒ පැංචො ආපු පාරෙන්ම ආපහු ගිහිල්ලා අතුරුදන් වුණා.

ලංකාවේ ක්‍රිකට්වලට එකතු වෙච්ච පොඩි පොඩි පැංචො ගොඩ දෙනෙක් අපට අහිමි වුණා. ඒ, නිවැරැදි ක්‍රමවේදයක් යටතේ පාවිච්චි නොකරපු නිසා. නම්ගම් නම් තියෙනවා ඕනෙ තරම්. ඊයෙ පෙරේදත් එළියට ආවා පැංචෙක්. ඒ තමයි මතීෂ පතිරණ. මේ පැංචවත් හරියට පාවිච්චි නොකළොත් අපරාධෙ නිකන් නාස්ති වෙනවා. ඒකට එහෙන් මෙහෙන් පිල් බෙදිලා රණ්ඩු වෙන්නේ වාද කරන්නේ නැතුව හරියට තේරුම් අරගෙන ලංකාවෙ ක්‍රිකට් දියුණු කරන්න කියලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා.

ඒක මේ වෙලාවේ කියන්න ඕනෙ දෙයක් නෙවෙයි. මේ පැංචා හොයාගෙන ලසිත් මාලිංග එනවා නම් ඒක වටිනා දෙයක් නේ. මොකද පැංචත් කියනවා ලසිත් මාලිංග මාමාව මුණගැහෙන්න ආසයි කියලා. මාලිංග කියලා කියන්නේ ලෝක පූජිත පන්දු යවන්නෙක්. ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවෙච්ච දක්ෂතම වේග පන්දු යවන්නො කිහිප දෙනා අතරින් එක්කෙනෙක්. ඒ නිසා ඔහුව සුළුකොට තකන්න බෑ.

හැබැයි ඉතින් අපි බලාගෙන ඉන්නවා ලසිත් මාලිංග ඇත්තටම මේ ක්‍රීඩකයා වෙනුවෙන් හදන අනාගතය මොන වගේද කියලා. මිල මුදල් යහමින් නැති, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණට ඒ පාරේ යන්න තේරෙන්නේ නැති මේ වගේ මිනිස්සුන්ට, මිල මුදලින් යහමින් උදව් කරලා, පන්දු යැවීම සඳහා අවශ්‍ය කරන දේවල් ටික කියලා දීලා අවශ්‍ය කරන බඩුබාහිරාදිය ටික කවුරු හරි අරගෙන දෙනවා නම් මේ කොල්ලන්ට ජීවිතේ ගේමක් ගහගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ඒත් අවාසනාවකට ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයෝ බොහෝ දෙනෙක් අනෙක් මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. විශාල වශයෙන් ධනස්කන්ධයක් ලැබුණත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මේ රටට සිද්ධ වෙන සාමාන්‍ය පොදුජන සේවය ඉතා අඩුයි. ඒක මම මෙහෙම කිව්වම බොහෝ දෙනකුට තරහා යන්න පුළුවන්. හැබැයි ඒක තමයි ඇත්ත. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙන මිලමුදල්වල හැටියට ඔවුන් මිනිස්සුන්ට උදව් කළොත් මේ රටේ තියෙන සමහර ප්‍රශ්නවලට ඇත්තටම උත්තර හොයාගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එහෙම දේවල් කරන්නේ නෑ. ක්‍රිකට් ගහන්න පටන් ගත්ත ගමන්ම ඔවුන් හදාගනනේ තමන්ගේ ජීවිතේ සම්බන්ධ සැලසුම්. ඒක හොඳයි. රටේ ජාතික කොඩිය යටතේ ක්‍රිකට් ගහලා අපේ මිනිස්සුන්ගෙ හිත් සතුටු කරලා, එහෙම හම්බකරන මිල මුදල් සත පහක් තව කෙනකුට වියදම් කරන්න ඕනෙ කියලා අපි කියන්නේ නෑ.

ඇත්තටම අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරය කරන්නේ ඔවුන් මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් කරන අපරිමිත කැපකිරීම් හින්දා. පරිපාලකයන්ගේ පිස්සු කෙළිලි අස්සේ, යම් යම් ආගමික මැදිහත්වීම් අස්සේ ලංකාවේ ක්‍රිකට් පෝසත් කරන්න ඒ කොල්ලො වෙහෙසෙන බව අපි දන්නවා. හැබැයි මේ වගේ පුංචි පැටව් ක්‍රිකට්වලින් එළියට ආවට පස්සේ ඒ කොඳු කඩලා, අතපය බැඳලා දාන්නේ නැතුව සුබ අනාගතයක් හදන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ.

අපි දැන් කතා කරමු මේ කොලු පැංචා කවුද කියන එක. මෙයා පදිංචි වෙලා ඉන්නේ හම්බන්තොට වීරවිල කියන ප්‍රදේශයේ. හරියටම කියනවා නම් කුඩා ගම්මාන 19 කියන පැත්තේ. මේ පැංචගේ නම දිනෙත් අනුහස් කියලා තමයි දැනගන්න තියෙන්නේ. මෙයා ඉගෙනගන්නේ වීරවිල ඇතුනදවිල ප්‍රාථමික විද්‍යාලයේ. දැනගන්න ලැබෙන විදියට ඔහුගේ වයස තාමත් අවුරුදු නවයයි. ඒ කියන්නේ නිවැරැදිව පාසල් අධ්‍යාපනය ලබනවා නම් ඔහු ඉගෙන ගන්න ඕනේ හතරේ පන්තියේ. තාම ශිෂ්‍යත්ව විභාගයවත් ලියලා නෑ.

මේ පුංචි පැංචගේ තාත්තගේ නම රංජිත් නිලංග. රංජිත් නිලංග කියන්නේ පුතා හරි ආසයි ක්‍රිකට්වලට. අපි කවුරුත් ක්‍රිකට් කියලා දීලා නෑ එයාට. එයා උපතින්ම තමයි මේ දස්කම් අරගෙන ආවේ කියලා. පුංචි පුතත් කියනවා මම ආසයි ක්‍රිකට්වලින් ඉස්සරහට යන්න, මම ආසයි ලෙදර් බෝල ක්‍රීඩා කරන්න කියලා. ඉතින් එයාට අවශ්‍ය කරන්නේ ක්‍රිකට්වලින් ඉස්සරහට යන්න නම් ඒකට අවශ්‍ය මඟපෙන්වීම තියෙන්නේ ලසිත් මාලිංගලා වගේ දක්ෂ ලෝක පූජිත ක්‍රීඩකයෝ ගාවම තමයි. ඇත්තටම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මැදිහත් වෙලා මේ වගේ දරුවන්ට යම් තරමකින් හරි උදව් කරනවා නම්, ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට කෙසේ වෙතත් ඇත්තටම මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි පරලොව වශයෙනුත් පින් තියෙන කටයුත්තක් කියලා අපි විශ්වාස කරනවා.

අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ලසිත් මාලිංගට අපේ මේ ලිපියත් ඕනෙම කෙනකුට යවන්න පුළුවන්. අපි මේක අන්තර්ජාලයේ පළකළාට පස්සේ ලසිත් මාලිංගට කියවන්න අවස්ථාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ලිපිනය හොයාගෙන, ඔහුගේ ගෙදර හොයාගෙන යන්න අවශ්‍ය නම්, ඒ සඳහා කොන්දේසි විරහිතව ලසිත් මාලිංගට උදව් කරන්න අපි කැමැතියි. ලසිතුත් දකුණේ කොල්ලෙක්. මේ ඉන්නෙත් දකුණේ කොල්ලෙක්.

ඒ නිසා දකුණේ කොල්ලන්ට දකුණේ කොල්ලෙක්ම මුණගැහිලා, දකුණේ දකුණේ අයට මේ වෙලාවේ ගේමක් ගහගන්න බැරි නෑ. මොකද දකුණ කියලා කියන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි තව තව වැඩකාරයෝ මහ ගොඩක් හදපු තැනක්. අපි බලාගෙන ඉමු ලසිත් මාලිංග මේ පුංචි පුතා වෙනුවෙන් ඇත්තටම කරන්නේ මොකක්ද කියලා. මොකක් කොහොම කළත් අපි තවත් දවසක මේ විදියටම ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා ලසිත් මාලිංග මේ පුංචි පැංචා වෙනුවෙන් කළේ මොකක්ද කියලා හරියටම.

මේ පුංචි පුතා ගැන ලසිත් මාලිංග පහුගිය දවසක තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. ඔහු කියන්නෙ මේ පුතාව සෝෂල් මීඩියාවලින් අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා, තමන් නොකියපු දේවල් තමන් කියපු විදියට මාධ්‍යවල පළකරන්න එපා කියලත් මාලිංග එම වීඩියෝවේ කියලා තිබුණා. මේ පන්දු යවන්නා කිසිසේත්ම තමන්ගේ ශෛලියට පන්දු යවන්නෙ නෑ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව තමන්ටත් වඩා හොඳ එකක් බවත් මාලිංග පවසා සිටියා.

ඒ වගේම තමන්ට ක්‍රිකට් ක්‍රීඩාවේදී මුල් කාලේ තිබුණු ගැටලු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ එක්ක තරගවලට ගිහින් පන්දු යවන්න චාන්ස් එකක් ලැබෙයි කියලා බලාගෙන හිටපු හැටිත් මේ සිදුවීමත් එක්ක මාලිංගට මතක් වුණු බවද ඔහු පැවසුවා. ඒ වගේම මාලිංග කියනවා තමන්ගේ පළමු උත්සාහය වෙන්නේ මේ පුංචි පුතාව ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට යොමුකරන එක කියලා. ඒ සඳහා මාලිංග දරුවාගේ මවුපියොත් එක්ක කතා කරලා ඊට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්නත් උත්සාහ කළා. දරුවා ජීවත් වන ප්‍රදේශය අවට තියෙන පාසල්වලින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන පාසල වන්නේ දෙබරවැව ජාතික පාසල. සුරංග ලක්මාල් අධ්‍යාපනය ලැබුවෙත් ඒ පාසලෙන්.

ඒ නිසා මේ දරුවාව ඒ පාසලට යොමුකරන්න තමන් අදහස් කරන බවත්, දරුවාට පාසලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දෙන්න මවුපියන් කැමැති වූ බවත් මාලිංග පවසා සිටියා. ඒ අනුව දරුවාගේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මූලික කටයුතු සිදුකරන තුරු ඔහුව සමාජ මාධ්‍යවලින් අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා කියන එකත් ලසිත් මාලිංග සිය වීඩියෝවෙන් ප්‍රකාශ කරලා තිබුණා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොල්ලො කෙල්ලො ඔක්කොම දන්න HMV තැටි ලේබලය සහ විකාශන අධිකාරී පනත එකක් වෙන්නෙ කොහොමද I Sri Lanka Latest News

Next Post

රංගේ බණ්ඩාර වැල්ලව පොලිසියේ හිටියේ! මමයි දේශපාලනයට ගෙනාවේ! ජොන්ස්ටන් මුල්වරට රහසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.