නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද(19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා වී තිබේ.
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75,000 ඉක්මවා ඇති බවත්, ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පළාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693ක් බවත් දැනගන්නට ඇත.
කෙසේවෙතත් නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ චීනය නිල වශයෙන් මෙම සංඛ්‍යාලේඛන දිනපතා ඉදිරිපත් කළද මීට වඩා විශාල පිරිසක් මේ වනවිට මෙම වයිරසය හේතුවෙන් මිය ගොස් ඇති බවකි.










