ලග්ගල, තොරපිටිය වැවේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (11) දහවල් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
හලාවත ප්‍රදේශයේ උපකාරක පන්තියක් මඟින් සංවිධාන කර තිබූ විනෝද චාරිකාවක්ට සහභාගිව සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙම පිරිස මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවට දිය නෑමට ගොස් ඇති අතර, එහි දී සිසුන් දසදෙනෙකු පමණ දිය නෑමට වැවට බැස ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එහිදී එක් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ඇති අතර, ඔහු දාස්ගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
dasathalankanews










