• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රාජ්කුමාරී පාට් ii’ ආවා! පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සමන්ත කුමාරගේ සිද්ධියට CID එකෙන් පොලිසියේ 7ක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
‘රාජ්කුමාරී පාට් ii’ ආවා! පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සමන්ත කුමාරගේ සිද්ධියට CID එකෙන් පොලිසියේ 7ක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි කියලා අපි දන්නවා. ඒ නිසයි අපි එයාව නිර්දෝෂීයි කියලා පෙන්වන්න මේ තරම් දුර ආවේ,” බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ 2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරගේ බිරිඳ යි.

2023 ජුනි 06 මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ පිළිබඳව කැඳවූ නඩුවේ දී මෙම මරණය පහරදීම නිසා සිදු වූ මරණයක් බවට ප්‍රකාශ වූ අතර, ඒ අනුව එයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

සමන්ත මියගියේ කොහොමද?

සමන්ත ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ 41 හැවිරිදි අයෙකු වූ අතර, ජනවාරි 10 දින සවස තුනට පමණ පොලිස් මත්‍ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

සිය සැමියාගේ කාර්යාලයයෙන් ‘ඔහුව සුදුවෑන් රථයකින් රැගෙන ගියේයැ’යි පණිවුඩයක් ලැබුණු බව ශිරානි දිල්රුක්ෂිකා වන සමන්තගේ බිරිඳ පැවසුවා ය.

එදින රාත්‍රී 7.30ට පමණ සමන්ත එම නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කිරීමට උත්සහගෙන තිබූ අතර, ඊට පෙර බාහිර රෝගී අංශය තුළ ඔහු මියගොස් සිට තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ මරණ පරීක්ෂණ නියෝගයේ දැක්වෙන්නේ, ඔහුගේ ශරීරය පුරාම තිබූ තුවාල විශාල ප්‍රමාණයක් මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ ස්ථානය ලෙස හඳුනාගත් නෙළුම් කුළුණ ඉදිරිපිට ඩී. ආර්. විජේවර්ධන පොලිස් භට නිවාස සංකීර්ණයේ අඩක් නිමකර අත්හැර දැමූ පාලු ගොඩනැගිල්ලක් පෙන්වූ බවත්, එහි තිබූ බිඳී ගිය වීදුරු බෝතලයක සහ ලී මිටක SOCO නිලධාරීන් සැක කටයුතු භාණ්ඩ ලෙස නම් කර අංක යොදා තිබුණ ද ඒවායේ කිසිඳු ඇඟිලි සලකුණක් නොතිබූබවත්, එම ස්ථානයේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ලේ පැල්ලම් නොතිබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය.

“සත්‍ය අපරාධ ස්ථානය නිරීක්ෂණයට මරණ පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ මා වෙත අවස්ථාව ලැබුණේදැ යි සැකයක් ජනිත වූ” බවත්, පසුව විමසීමේ දී මරණකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව සැකසූ බී වාර්තාව ගොනු කරන විට අනාවරණය කරගෙන තිබූ අපරාධ ස්ථානය එය බවට තමාට දැනගන්නට ලැබුණු බවත් මහේස්ත්‍රාත්වරියගේ වාර්තාවේ දැක් වේ.

ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් තිබී ඇත. එම මුදල් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මුදල්යැ යි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැක කර තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරමින් ය.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජනවාරි 11 වන දින සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ තුවාල, තැලීම් සහ හානි 49ක් ඇති බවයි. මරණයට හේතු ලෙස සඳහන් ව ඇත්තේ මොට ආයුධවලින් පහරදීමෙන් ඇති වූ හිස පිටුපස තුවාලය ඇතුළු අනෙකුත් හානි ය.

කෙසේ වෙතත්, ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර සිට නොමැති බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව ම දැක්වේ.

නඩු විභාගයට පෙනී සිටින නීතිඡ කණ්ඩායම සමග ප්‍රිති කුමාරගේ ඥාතීන්

“ඔහු නිර්දෝෂීයි”

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු, නීතිඥ සේනක පෙරේරා පවසන්නේ මෙම පුද්ගලයා නිර්දෝෂී අයෙකු බව යි.

“ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට ගත්තාට පසුව ඔහු ගැන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් සහිතව යි පරීක්ෂණ පවත්වන්න ඕනෑ. පොලිසිය මුල් අවස්ථාවේ දී ම මේ පුද්ගලයා වැරදිකාරයෙක් කියන නිගමනය මත තමයි වැඩ කර තිබෙන්නේ,” ඔහු පවසයි.

“ඒ වගේ ම වරදකරුවෙක් වූ කෙනෙක්ට වුණත් දඬුවම් නියම කරන්නේ උසාවියෙන් පමණයි. පොලිසියට අයිතියක් නෑ දඬුවම් නියම කරන්න.”

අත්අඩංගුවට පත් වන අවස්ථාවේ සමන්ත පැළඳ සිටි රන් බ්‍රේස්ලටය සහ ඔහු අත තිබූ මුදල් එම නිලධාරීන් විසින් බලහත්කාරීව ගෙන ඇතැ යි සේනක පවසයි.

“මේ මුදල් ඔහු එදා උදේ බැංකුවෙන් ගත්ත ඒවා. ඒ සම්බන්ධයෙන් බැංකු වාර්තා තිබෙනවා. ඔහු අතේ පැළඳ සිටි බ්‍රේස්ලට් එක පවා මේ නිලධාරීන් අරගෙන.”

අත්අඩංගුව‍ට පත්වන්නන්ට පහරදීමේ ප්‍රවණතාවයක්

පසුගිය කාලය පුරාවට ම පොලිස් අත්අඩංගුවට පත්වන සහ රිමාන්ඩ් භාරයේ සිටින්නන්ට නිලධාරීන් විසින් පහර දී තිබූ අවස්ථා ගණනාවක් එක දිගට වාර්තා වූ බව සේනක පවසයි.

“මේ තරුණයා ව අත්අඩංගුවට අරගෙන පැය කීපයක් ඇතුළත තමයි තුවාල 49ක් ඇතිවෙනකන් මැරෙනතුරු පහර දීලා තියෙන්නෙ. මෑතක දි අපි දැක්කා රාජකුමාරි කියන කාන්තාවට පහර දී ඇය මියගොස් තිබුණා. ඒ වගේම මහර, වැලිකඩ බන්ධනාගාරවල සිදුවීම් සහ මෑතකාලයේ අත්අඩංගුවට ගත් බහුතරකට පොලිසියෙන් පහර කෑමට සිදුවෙලා තිබුණා,” ඔහු පැහැදිලි කළේ ය.

මෙම සිදුවීම් එක් එක් හුදෙකලා සිදුවීම් නොව, අත්අඩංගුවට හෝ රිමාන්ඩ් භාරයට පත්වන්නන්ට ඕනෑම දෙයක් කිරීමේ අධිකාරී බලයක් තමන්ට ඇතැ යි මෙම නිලධාරීන් තුළ ගොඩනැගී ඇති මානසිකත්වය මෙවැනි ප්‍රවණතාවයක් ඇතිකර ඇති බව ඔහු පවසයි.

“ලෝකයේ පිළිගැනීමක් තිබෙනවා එක ම වරදට දඬුවම් දෙකක් දෙන්නෙ නෑ කියලා. නඩු අහලා උසාවියෙන් තමයි දඬුවමක් නියම කරන්නේ. වැරදිකාරයෙක් වුණත් මෙහෙම පහරකෑමකට ලක්වෙන්න වුණාම පොලිසියෙන් ගුටිකන එකටත්, උසාවියෙන් නියම කරන දඬුවමත් දෙක ම විඳින්න වෙන තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ,” සේනක පැවසුවේ ය.

වගඋත්තරකරුවන් අත්අඩංගුවට

පසුගිය ජුනි 06 දින මෙම අපරාධයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. ඉන් දින 03කට පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 7 දෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබීය.

Police

බොරු චෝදනා සැබෑ අපරාධකරුවන් සඟවයි – පොලිසිය ගැන සැකයක් ඇති කරයි

නීතිඥ සේනක පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයාට එල්ල වී ඇති ආකාරයේ ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනා පසුගිය කාලයේ ම විවිධ පුද්ගලයන්ට එල්ල කළ බව යි. එය සැබෑ අපරාධකරුවන්ට සැඟවීමට අවස්ථාවක් ලබා දෙන බව ඔහු පවසයි.

“මේ වගේ දේවල් සිදු වුණා ම ජනතාවට පොලිසිය ගැන අවිශ්වාසයක් ඇතිවෙනවා. ඊට පස්සෙ ජනතාව පොලිසියට යන්නෙ නෑ. එයින් සැබෑ අපරාධකරුවන් සැඟවෙනවා වගේ ම, ඒ ඒ පුද්ගලයන් පොලිසියට නොගිහින් ප්‍රශ්න විසඳන්න ගිහින් තවත් අපරාධ සිදුවෙන්න පුළුවන්,” එම ක්‍රියාවලියේ ඇති බරපතලභාවය පිළිබඳ ව ඔහු පැහැදිලි කළේ ය.

“ඒ නිසා මේ වගේ අපරාධවලට එරෙහි ව හඬ නගලා ඒවාට යුක්තිය ඉටු කිරීම ඉතා වැදගත්.”

මේ කාන්තවො හතර දෙනා හික්කඩුව තෙල්වත්තේ ඉදන් ඇවිත් ඊයේ ඉදන් කොළඹ තියෙන පොලිසි, උසාවි, රෝහල් තැනින් තැනට යමින් ඉන්නේ එක් කාන්තාවකගේ පුතා, තවත් කාන්තාවගේ ස්වාමිපුරෂයා සහ අනෙක් කාන්තාවගේ සහොදරයා සමන්ත ප්‍රීති කුමාර වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කරගන්න. ( ප්‍රබෝධ රත්නායක මුහුණූ පොතෙනි)

යුක්තිය අපේක්ෂා කරන බිරිඳ

“මගේ සැමියා ව පොලිසිය පහරදීලා ඝාතනය වුණා කියලා උසාවියේ දි කිව්වා. මම හිතනවා ඔහුට යුක්තිය ඉටු කරගන්න අපට හැකිවෙයි කියලා,” ඇය පවසයි.

“ඒ වගේ ම මේ අපරාධයට විරුද්ධ ව අනාගතයේ දී වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

( බීබීසී සිංහල)

CID policemen Samantha Kumara

SendShareShare
Previous Post

චීවරය දමාගත් ඇතැමුන් ශාසනය විනාශ කරද්දී බුදු දහමෙහි සැබෑ අරුත ලොවට කියා දුන් පොප් රැජින ටීනා I Sri Lanka Latest News

Next Post

පොසොන් පෝදා සිල් සමාදන් වූ උවසු උවැසියන් විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.