ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු පැවසුවේ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළි කර ඇති බවයි.
සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
The National Security Sector Oversight Committee Telecom Sarath Weerasekera