• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෑවැද්දට හේදී යන උතුරේ තරුණියන්ගේ ජීවිත I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දොස්තර කෙනෙක් බඳින්න රත්තරන් පවුම් 100යි ගෙයයි කෝටියක දෑවැද්දකුයි ඕනෑ…

වයස වැඩි වෙන්න වැඩි වෙන්න දෑවැද්දත් වැඩි වෙන්න ඕනෑ…

LTTE කාලෙ දෑවැද්ද ඉල්ලුවොත් දඬුවම්…

ලංකාවේ මහා භාරකාර අරමුදල සතුව ඇති දේපල පැවරීම් කොන්දේසි සතුව අපූරු දේපළ පැවරීමක් වේ. එහි ඇතුළත්වන්නේ ‘මේ දේපළවලින් ලැබෙන ආදායමෙන් දෑවැද්ද නොමැති තරුණියනට දෑවැද්ද ලබාදිය යුතුය’ යන කොන්දේසියයි. මේ කොන්දේසිය ඇතුළත් වන්නේ කළුතර රිච්මන්ඩ් කාසල්හි හිමිකරු වූ දොන් ආතර් ද සිල්වා මුදලිතුමාගේ දේපළ සඳහාය.(Sri Lanka Latest News)

ඒ කොන්දේසිය අද වනවිට එලෙසම ඉටුවනවාද යන්න පසෙකින් තැබුවද එසේ කොන්දේසියක් පැනවීමට තරම් ලංකාවේ ‘දෑවැද්ද’ යන්න කොපමණ බලපෑ කරුණක්ද යන්නට ප්‍රබල සාක්ෂියක් සපයයි. විසිඑක් වැනි ශතවර්ෂයේ ජීවත් වුවද මේ ‘දෑවැද්ද’ අපගේ සංස්කෘතීන් අතික්‍රමණය කොට ඇත. එය කතා කළ යුතුම එහෙත් අපි කතා කරන්නට පසුබට වන කාරණාවකි.

දියණියක යනු සම්පතක් බවත්, කාන්තාව යනු මිහිමත ස්වර්ගය වගත් දිවුරා කියන ලෝකයක එක් ඉසව්වක කාන්තාව යනු ගෘහස්ථ වහල් ක්‍රමයේ සංකේතය බවටත්, ඇය පවුලකට බරක්, හිසරදයක් වීම පුදුමය ජනිත කරන්නක් නොවේද? ලංකාව වැනි ආසියාතික රටක මේ බව පුදුමයට කරුණක් නොවුණද මේ තවත් නිශ්ශබ්දතාවයේ ගිලුණු මහා අපරාධයක් ඛේදවාචකයක් වග මතක්කර දියයුතු වේ. කාන්තාව වැලක් බවත්, පුරුෂයා ගසක් බවත් කියමින් අවප්‍රමාණ කරනු ලබන කාන්තාව, ජීවිත කාලය තුළ පවුල නම් පීඩනීය අවකාශයේ පාවෙන්නීය. දඬුවම් විඳින්නීය.

එය එක්තරා ආකාරයකින් කාන්තාවක් වී ඉපදීම ශාපයක් බවට, පවක් බවට වූ වේද යුගයේ බමුණු මත වර්තමානයේ ජීවමානකොට දක්වන සජීවී ආදර්ශක බවට පත්ව ඇති සෙයකි. ඒ පීඩනයේ උච්චතම අවස්ථාවට කාන්තාව මුහුණ දෙනු ලබන්නේ ‘විවාහය’ හා ‘දෑවැද්ද’ නම් සංකල්පය හරහාය. ලංකාවේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් අතර විවිධ ආකාරයෙන් මෙම සංකල්පය ක්‍රියාත්මක වේ.

ඉන් දෙමළ සමාජයේ මෙම සංකල්පය තදින් මුල්බැසගෙන ඇත. විවාහයකදී ඔවුන්ගේ සංස්කෘතිය විමසන කාරණා වන ජාතිය, කුලය, ආගම, අධ්‍යාපනය, රැකියාව, දෑවැද්ද, රුව යන කාරණා ප්‍රධාන වේ. ඉන් දෑවැද්ද අතිශය තීරණාත්මක තීරණයක් වී ඇත. එසේම ලංකාවේ විසූ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ධර්මසේන පතිරාජයන් නිර්මාණය කළ ‘පොන්මනි’ ද්‍රවිඩ චිත්‍රපටය තුළ දෑවැද්ද නම් සංකල්පය ප්‍රබලව උලුප්පා දක්වා ඇති අතර, ඒ සඳහා සමකාලීන ද්‍රවිඩ සමාජය තුළ වූ ගැටලුවක් කෙරෙහි අධ්‍යක්ෂවරයා සංවේදී වන්නට ඇතැයි සිතිය හැකිය.

යාපනයේ පුලෝලිහි ජීවත්වන දේවකි 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇයට තම ජීවිතය අවිවාහකව ගෙවීමට හේතුවක් වී ඇත්තේ ඇයට සුදුසු සහකරුවෙක් සඳහා ගෙවිය යුතු දෑවැද්ද ඇයගේ පවුල සතුව නොතිබීමයි.

‘මගේ වයස දැන් හුඟක් ගෙවිලා. මට කසාදයක් කරගන්න බැරි වුණේ මනමාලයට දෙන්න ලොකු දෑවැද්දක් නොතිබුණු නිසා. මගේ සහෝදරයා යුරෝපා රටක ජීවත්වන කෙනෙක්. අයියට ඕනෙ වුණෙත් අයියා වගේම ලොකු තනතුරක් දරන කෙනෙක්ට මාව කසාද බන්දලා දෙන්න. ඒත් එහෙම රස්සාවක් කරන කෙනෙක්ට අපි ලොකු දෑවැද්දක් දෙන්න ඕනේ. ඒත් අයියා කැමැති වුණේ නෑ එච්චර දෑවැද්දක් දෙන්න. ඉතින් මගේ මඟුල කෙරුණේ නෑ’. ඇගේ වචනවල තැවරී තිබුණේ දුකකි.

මේ අනුවේදනීය සංකල්පය එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී යම් දුරකට පාලනය වී හෝ යටපත් වී තිබුණු බව යාපන ප්‍රදේශවාසීන් පැවැසීය.

‘ඉස්සර එල්.ටී.ටී.ඊ. පාලනය උතුරේ තිබුණු කාලේ ඒ දණ්ඩ නීති සංග්‍රහයේ තිබුණ මේ දෑවැද්ද තහනම් කියලා. ඒ කාලේ දෑවැද්ද ඉල්ලුවොත් දඬඩුවම් කළා. ගෑනු ළමයි එක්ක ප්‍රේම සම්බන්ධකම් පවත්වලා පස්සේ විවාහ වෙනවා නම් දෑවැද්ද ඕනේ කියන අයට දඬුවම් දුන්නා. ඉතින් ඒ කාලේ දෑවැද්ද ඉල්ලන්න බයවුණා. මනමාලිගේ පැත්තෙන් කැමැත්තෙන් යමක් දුන්නොත් ගැනීම මිස අපිට මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියන්න තහනම් වුණා.

Sri Lanka Latest News

ඒක එක්තරා විදියක සැනසිල්ලක් වුණා. දැන් දුවෙක් ඉගෙනගත්තත් එයා දොස්තර කෙනෙක් බඳින්න නම් පවුම් සීයක්, ගෙය, රුපියල් කෝටියක්වත් දෑවැද්දට දෙන්න ඕනේ. ඒ විදියට විවිධ වෘත්තීන්ට අනුව දෑවැද්ද දිය යුතු ප්‍රමාණය තීරණය වෙනවා. මඟුල කෙරෙන්න දෑවැද්දයි කේන්දර ගැළපීමයි අනිවාර්ය වෙනවා…’

ලංකාවේ වෙසෙන සිංහල ජනතාව සතු සංස්කෘතියට අනුව දෑවැද්ද හෙවත් දායාද දීම ද්‍රවිඩ සමාජයේ මෙන්ම මනාලිය මත පටවනු ලැබුවක් වුවද නූතන සමාජය සැලකිය යුතු මට්ටමේ ලිහිල් සම්ප්‍රදායකට අවතීර්ණව ඇති බවක් දැකගත හැකිය.

ඒ, වත්මන් පරපුර සම්බන්ධ විවාහ කටයුතුවලදී දෑවැද්ද පිළිබඳ විමසීම ලැජ්ජාවක්, මදිකමක් කොට සැලකීම ධනාත්මක ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකි වේ. මනාලියගේ මවුපියන් කැමැත්තෙන් දෙන යමක් වෙතොත් පිළිගැනීම ප්‍රාමාණාත්මක බව බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත. එහෙත් සුළුතරයක් අදටද දෑවැද්ද දඩමීමා කරගනිමින් විවාහ සිදුකිරීම සමාජයේ තැනින් තැන දුලබව හෝ දැකගත හැකිය.

ලංකාවේ මුස්ලිම් සමාජය තුළ මුල්බැසගත් දෑවැදි සංකල්පය ගත්විට සිංහල ද්‍රවිඩ සංස්කෘතීන් ද්විත්වයටම වඩා වෙනස්කමකින් යුක්ත සම්ප්‍රදායක් ඔවුන් සතුවේ. එහි සංස්කෘතියට අනුව මුස්ලිම් මනාලිය වෙනුවෙන් දෑවැද්ද හෙවත් දායාදයක් දිය යුත්තේ මනාලයා විසිනි.

ඊට හේතුව මෙතෙක් කල් දියණියක ඉතා හොඳින් හදාවඩා ගැනීම වෙනුවෙන් මනාලියගේ මවුපියන්ට ස්තුති කිරීම වන්නක් අදහස් කරමිනි. කෙසේ හෝ ඇතැම් විටක පියා විසින් තම දියණියගෙන් කොපමණ දෑවැද්දක් මනාලයාගෙන් ඉල්ලිය යුතුදැයි යන්න පවා අසන බව දැනගන්නට හැකි අතර, එසේ නොමැති නම් පියාට එය තීරණය කරන්නට හැකි අතර, එසේ නොඉල්ලන හෝ තම දියණිය වෙනුවෙන් ලැබෙන දෑවැද්ද පියා විසින් දියණියටම ලබාදීම සිරිතක්ව පවතී. තවත් පැත්තකින් බැලූ විට මධ්‍යමපාන්තික මුස්ලිම්වරු තම දියණියට නිවෙසක් ලබාදෙයි. එය ඇයට රැකවරණයක් ලෙස සලකනු ලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය පර්සානා හනීෆා මේ පිළිබඳ අදහස් දැක්වූවාය.

‘අපි මේ ගැන කතාකරද්දී හැම පර්යාවලෝකනයකම ඉඳල හිතන්න වෙනවා. නැගෙනහිර මධ්‍යමපාන්තික මුස්ලිම් සමාජය තමන්ගේ දුවට ගෙයක් දෙනවා. ඒකෙන් තමන්ගේ දුවට ආර්ථික ශක්තියක් ලැබෙනවා. එක ධනාත්මකයි ඒ පැත්තෙන්. මොකද ඒ විවාහ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතරේ සමානාත්මතාවක් ඇති වෙන්න යම්දුරකට මේ තත්ත්වය බලපාන්න පුළුවන්. ඒත් දුප්පත් කෙනෙක්ට ඒක කරගන්න බෑ. සමහරු මේ දෑවැද්ද ධර්මයට පටහැනියි කියල ප්‍රතික්ෂේප කරනවා. මම දෙමළ සමූහයේ මේ දෑවැද්ද කවර තත්ත්වයක්ද කියල සොයල නෑ. ඒ නිසා ඒ ගැන කියන්න බෑ. ඒ දේවල් ජාතිය, කුලය, ප්‍රදේශය වගේ විවිධ හේතු මත වෙනස් වෙනවා…’

එහෙත් මේ තත්ත්වයන් ලංකාවේ ජීවත්වන සියලුම කාන්තාවන්ට උරුම නොවන අතර, විශේෂයෙන්ම ද්‍රවිඩ සමාජය මේ සිරිත සමග අවියෝජනීයව බැඳී සිටීම බොහෝ මවුපියන්ට තම දියණිය හිසරදයක් බවටද, දියණිවරුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ බරක්, අවිනිශ්චිත බවක් ඇතිකරනු ලබයි.

තැල්ලක් බදින්නට, බිරිඳක් වන්නට මුල්මුරුක්කු කොළ යටින් මංගල ගමන යන්නට ඔවුන්ගේ සිහින බොහෝ දුරය. ඒ ඇතැම් සිහින රෑ මැද නතරවන සෙයකි. ඒවා ඉටුවීම ගැන නිමිති කියන්නට මෙලොව සමතකු නැති විය හැකිය.

මුලතිව්හි 65 හැවිරිදි කමලා නාගලිංගම් පවසන්නේ මෙවන් කතාවකි.

‘ඉස්සර දෑවැද්ද ගැන, කුලය ගැන තිබුණු ප්‍රශ්නේ යුද්ධ කාලේ කඳවුරුවල ඉද්දී බොහෝ දෙනෙක් අකැමැත්තෙන් හරි කැමැත්තෙන් හරි අමතක කළා. එතකොට අපිට ඕනෙ වුණේ ඒ විඳපු දුකෙන් මිදෙන්න විතරයි. දෑවැද්ද කුලය නොබලා කසාද සිද්ධ වුණා. ඒත් ආයේ ගම්බිම්වලට ආවට පස්සේ ආයෙම ඒ අමතක කරපු දෑවැද්ද, කුලය මතක් කරලා ඉල්ලනවා…’

Sri Lanka Latest News

ද්‍රවිඩ සමාජය ගත්කල උතුරු-නැගෙනහිර ද්‍රවිඩ සමාජය හා ඉන්දියානු සම්භවයක් ඇති කඳුකරයේ ද්‍රවිඩ ජනයාද වේ. මේ සියලු දෙනාටම අඩුවැඩි වශයෙන් දෑවැද්ද බලපෑම් එල්ල කරන්නේය. ඒ තත්ත්වයන් සියල්ලෙන්ම ලාංකීය සමාජයේ කාන්තාවට ඇති ස්ථානයේ තරාතිරම, පිළිගැනීම මොනවට පැහැදිලි කරමින් සිටියි. ඒ තත්ත්වයන් පිළිබඳ එම සමාජයෙන් බැහැරව සිටිනතාක් උපකල්පනයක් කිරීම පවා දුෂ්කරය. චුන්දිකුලිහි ජීවත්වන 39 හැවිරිදි සින්ධුජා ජැක්සන් පවසන්නේ ඒ වේදනාව පිළිබඳවය.

‘මම උපාධිධාරිනියක්. මම දැන් රජයේ රැකියාවක් කරනවා. මම අවිවාහකව ඉන්නේ. ඒකට හේතු කීපයක්ම බලපෑවා. එකක් මට දෑවැද්ද නොතිබීම. මගේ වැඩිමල් සහෝදරිය විවාහ කරදුන්නේ අපිට තිබුණ ඔක්කොම දීලා. දැන් අපිට දෙන්න දෙයක් නෑ. ඒ වගේම මගේ වයසත් ගිහින්. වයස වැඩි කෙනෙක් කසාද බන්දවන්න තවත් වැඩියෙන් දෑවැද්ද ඕනෙ. ඉස්සර වයස තියෙද්දී ඒත් මගේ රැකියාව ස්ථිර නොවීම නිසා හුඟක් විවාහ යෝජනා නතර වුණා…’ අඟහරුගේ ජලය හොයන මිනිසුන් සිටින ලොවක අපි තවමත් කුලය, ජාතිය, දෑවැද්ද ආදිය ගැන සිතමින් පසුපසට ගමන් ගැනීමේ ප්‍රතිඵලය කුමක්දැයි සිතාගන්නටත් නොහැකිය.

කිලිනොච්චියේ පුනරින් ආශ්‍රිතව සමාජ ක්‍රියාකාරිනියක වන රෙබෙකා පාර්තීපන් පවසා සිටියේ, ‘මේ පැත්තේ හැම ගමකම වාගේ දෑවැද්ද නිසා කසාදයක් කරගන්න බැරි වුණු කාන්තාවෝ දහයක් දොළහක් ඉන්නවා. ඒ ජීවිත අපරාදේ’ ලෙසය.

මේ සම්බන්ධයෙන් කරුණු කාරණා විමසීමේදී බොහෝ දෙනකු තමන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති විය. එසේම විශ්වවිද්‍යාලයේ ඇතැම් පර්යේෂණ පවා දෑවැද්ද සම්බන්ධයෙන් සිදුකෙරී ඇත.

ඇතැම් විට දෑවැද්ද පිළිබඳ නොසලකන පිරිස්ද ඉතා හදිසියෙන් හෝ මුණගැසුණද ද්‍රවිඩ සමාජය ඒ පිළිබඳ දක්වන ප්‍රතිචාරය පුදුම උපදවනසුලුය. එහෙත් ඒ පිළිබඳ වඩා ගැඹුරින් සිතීමේදී, හැදෑරීමේදී එහි පුදුමයක් නොමැති වේ. විවාහයකදී ආදරය, දයාව, තේරුම් ගැනීම, පිළිබඳ අදහස් නොතකන පිරිස් දෑවැද්ද පිළිබඳ හරි හරියට හෙට්ටු කරයි, පුරසාරම් දොඩයි. මේ දෑවැදි ප්‍රශ්නයේ කතාවට ඩයස්පෝරාව කවර ආකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේද යන්නද සොයා බැලිය යුතුම පදාසයකි.
විදේශයක පදිංචි නඩරාජා කියන්නේ ඒ පුදුමසහගත කතාවයි.

‘මම දන්නා හොඳ කොල්ලෙක් හිටියා පිටරටක පුරවැසිභාවය තියන. ඒ කොල්ලාට ඕනෙ වුණා ලංකාවට ඇවිත් ලංකාවේ දෙමළ ගැහැනු ළමයෙක්ම කසාද බැඳගන්න. එයා කිව්වේ හොඳ ගෑනු ළමයෙක් ඕනේ. මට දෑවැද්ද ඕනේ නෑ කියල. ඉතින් අපි ගොඩක් ගෑනු ළමයි බැලුවා ඒත් හුඟක් ගෙවල්වලින් අකැමැති වුණා. හේතුව එයාලට සැක හිතුණා හැමෝම දෑවැද්ද ඉල්ලද්දී මොකද මෙයා දෑවැද්ද ඉල්ලන්නේ නැත්තේ. මෙයාට සනීප කරන්න බැරි අසනීපයක්වත් තියනවද කියලා. එහෙම හිතන තරමට මේ සමාජයට දෑවැද්ද කාවැදිලා තියෙන්නේ…’

තම සහෝදරිය විදේශයක වෙසෙන මනාලයකුට විවාහකර දුන් වල්ලිපුරම්හි තබෝදරන් කියන්නේ තවත් දෑවැදි කතාවකි. ඒ හැම කතාවකම කඳුළක්, අනුකම්පාවක් මුසුවී ඇත.

‘මගේ නංගි විවාහ වුණේ යෝජනාවකින්. ඒ විදේශයක පදිංචි කෙනෙක්. ඒ මස්සිනා අපෙන් දෑවැද්ද ඉල්ලුවේ නෑ. ඒ වුණාට එයාගේ නෑයෝ ඒ ගැන කසුකුසු ගෑවා. අන්තිමට අපිට ඉන්න තිබුණු මේ පුංචි ගේ අපි නංගි නමට ලිව්වා. රත්තරන් පවුම් 20කුත් දුන්නා.

අපි ඒ මඟුල්ගේ චාමෙට ගන්න හිටියේ. එයාලාට ලොකු මඟුල් ගේකුත් ඕනෙ වුණා. අපි තව ලක්ෂ ගණනක් ණය වුණා. මම කසාද බැන්දේ ත්‍රිකුණාමලයෙන්. මම එයාගෙන් දෑවැද්ද ගත්තේ නෑ. ඒ නිසා මගේ නෑදැයෝ මට දොස් කිව්වා. ඒත් මම අහන්නේ ඇයි අපි දෑවැද්ද ගන්නේ තමන්ගේ හැමදේම අත හැරලා අපි ගාවට එන ගෑනු ළමයින්ගෙන්…’

තබෝදරන් මෙන් හිතන පිරිමින් වැඩි වැඩියෙන් අභිජනනය කළයුතු වගක් හැඟෙන තරමට ද්‍රවිඩ සමාජයේ මේ දෑවැදි පිළිලය පැතිරී ඇත.

ලංකාවේ සියලු පාර්ශ්ව සමග කටයුතු කරන භාෂා පරිවර්තකයකු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන එස්. ශිවගුරුනාදන්, ඩයස්පෝරා විවාහයන් පිළිබඳ කියන්නේ මෙසේය.

‘විදේශයක ජීවත්වන දෙමළ පවුලක නැන්දම්මලා බොහෝ දෙනෙක් කැමැති නෑ විදේශයකම ජීවත් වන දුවෙක් ලේලි කරගන්න. ඒගොල්ලෝ කැමැති ලංකාවේම කෙනෙක් ලේලි කරගන්න. එතකොට ගෑනු ළමයෙක් හොයලා මුලින්ම අහනවා ලංකාවේ කොහෙද කියල.

ඒකෙන් කුලය හොයාගන්නවා. ඊට පස්සේ අහනවා දෑවැද්ද තියෙන්නේ කොළඹද යාපනේද කියලා. ඒ අහන්නේ ගෙයක් දෑවැද්දට දෙනවා නම් ඒක තියෙන්නේ කොහෙද කියල. ඊට පස්සේ ඒ ගේ මනමාලයා නමට ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන කෙනෙක්ගේ නමට ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ කසාදෙ කරන්නේ. යුද්දේ කාලේ මේ ප්‍රශ්නේ ටිකක් යටපත්වෙලා තිබුණා. ඒත් දැන් ආයේ බරපතළ විදියට ඔළුව උස්සලා තියෙනවා. ලංකාවේ කොහේ හිටියත් බොහෝ දෙනකු දෑවැද්ද බලාපොරොත්තු වෙනවා…’

පේදුරුතුඩුවේ ජීවත් වන හතළිස් හැවිරිදි කබේෂන් මුරුගේසු පවසන්නේ, ‘මම ඉපදුණේ සාමාන්‍ය පවුලක. මට අක්කලා දෙන්නෙක් හිටියා. මගේ ලොකු අක්කා බැන්දේ කැනඩාවේ ජීවත් වෙන කෙනෙක්. ඒ ලොකු මස්සිනා අපෙන් සතයක්වත් ගත්තේ නෑ. මඟුලටත් එයාම වියදම් කළා. දෙවැනි අක්කා බැන්දෙ ඉංජිනේරුවෙක්. එයත් දෑවැද්ද එපා කීවා. ඒත් එයාගේ අම්මා දෑවැද්ද බලාපොරොත්තු වුණා.

ඒ වෙලාවේ අපිට සල්ලි තිබුණේ නෑ. ඒ මස්සිනා කීවා මම සල්ලි දෙන්නම් ඒවා දෑවැද්ද කියල එයාගේ අම්මට පෙන්වන්න කියලා. ඒකට අපේ ගෙදරින් අකැමැති වුණා. අපිට අපේ ආත්ම ගරුත්වය රැකගන්න ඕනේ වුණා. අපි ණයට අරන් දෑවැද්ද දුන්නා. මේ නිසාම මගේ අම්මා මට කීවා දුප්පත් කෙල්ලෙක්ව බැඳපන්. දෑවැද්ද රුපියලක්වත් එපා කියලා. මම දුප්පත් ගෑනු ළමයෙක්ව බන්දා. එයාට හැමදේම අරන්දීලා මඟුලත් මගේ වියදමෙන් කළා. අපි සතුටෙන් ඉන්නවා…’ කබේසන්ගේ අම්මා එසේ කීවද අදටත් ඇතැමුන් කොපමණ උගත්, ගුණයහපත් දුවෙක් වුවද අවම වශයෙන් ලක්ෂ විස්සක් තිහක්වත්, පවුම් විස්සක්වත් නැතිව තමන්ගේ පුතාට විවාහ කරදෙන්නට අකැමැතිය. ඔවුන්ගේ හිත දෑවැද්ද පිළිබඳ බලාපොරොත්තු වෙනවා පමණක් නොව, ඇතැම් විට ඍජුවම එය විමසීමට පකිලෙන්නේද නැත.

චාවකච්චේරිහි ජීවත් වන හැට හැවිරිදි කාවේරි අම්මා කියන පරිදි ඇතැම් විට විවාහය සිදුකරන පවුල් දෙකම දෑවැද්ද ගැන කතා නොකළද මඟුල් කපුවා තමන්ට ලැබෙන වාසි ගැන සිතා දෙපැත්තට දෑවැද්ද ගැන කියයි. අසයි. මේ කපුවන් දෑවැද්දෙන් ලැබෙන කොමිස් මුදල ගැන සිතා මෙලෙස දෙපැත්තම රවටයි. ඇතැම් තැනක මඟුල කර දෙනවාට වඩා පවුල විනාශ කිරීමක් කපුවන් විසින් සිදුකරයි.

දෑවැද්ද එක අතකින් බලන විට පන්න පන්නා පලිගන්න සර්පයකු මෙනි. දුර්ගා කන්දයියා කියන කතාව ඊට ගැළපෙනම නිදසුනකි. දෑවැද්ද කියන වචනය කෙනකුගේ පවුල් ජීවිතය, සතුට මෙන්ම තම ජීවිතය වුවද අහිමි කිරීමට තරම් ප්‍රබලය.

‘මම දන්න පවුලක් හිටියා. ඒ මනමාලයා ඉංජිනේරුවෙක්, මනමාලිත් ඉංජිනේරුවරියක්. දෑවැද්දට ලක්ෂ සීයක් ඉල්ලුවා. ඒක දුන්නට පස්සෙත් මනමාලයාගේ පවුලෙන් කරදර කළා දෑවැද්ද ගැනම කියලා. අන්තිමට ඒ මනමාලි සියදිවි නසාගත්තා. එයා නොබැඳ හිටියා නම් තවම ජීවත් වෙනවා. ඒවා අහද්දී මේ දෑවැද්ද ගැන පුදුම තරහක් එන්නේ. සමහරු විවාහය කළත් පොරොන්දු කරගන්නවා අවුරුදු කීපයක් ඇතුළත දෑවැද්දෙ ඉතුරු ටික දෙන්න කියලා. තවත් සමහරු දෑවැද්ද ගන්නේ තමන්ගේ සහෝදරියන් ඒ දෑවැද්ද දීලා විවාහ කරදෙන්න ඕනෙ නිසා. එක ගෙදරකට දුකක් දීලා ගන්න දෑවැද්ද දීලා තමන්ගේ බරෙන් නිදහස් වෙනවා…’

මේ දෑවැද්ද හේතුවෙන් බොහෝ තරුණියන් විවාහයට බියක් දක්වයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ අවිවාහක තරුණියක වන කිලිනොච්චියේ භවානි අම්බලන්වාර් මෙසේ පැවැසුවාය. ‘මට දැන් අවුරුදු 28ක්. මම පර්යේෂණ සහකාරවරියක් ලෙස රැකියාව කරනවා. මගේ පවුල සාමාන්‍ය පවුලක්. මගේ තාත්තා ගිනි අව්වේ වැඩකරලා තමයි සල්ලි හොයන්නේ. ඉතින් මම කොහොමද මගේ තාත්තා දුක් විඳලා හොයපු සල්ලි වෙන කෙනකුට ගිහින් දෙන්නේ. මම විතරක් මදිද? මම දෑවැද්ද ඉල්ලන මනමාලයෙක් බඳින්නෙම නෑ…’

සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක අනුෂ්කා කහඳගම දෑවැද්ද පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළාය.

‘දෑවැද්ද ස්ත්‍රිය අවමානයට පත්කරයි. යුද්ධය නිමාවීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය උතුරු – නැගෙනහිර ස්ත්‍රියගේ තත්ත්වය තවත් අවදානමකට ලක්කර තියෙනවා. එනම් අධික මිලිටරිකරණය සහ යුද්ධයෙන් පසු ඇතිව තිබෙන අහිමිවීම් සමග. කාන්තාව විවාහ වීම මෙන්ම ඒ විවාහ හරහා ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සමාජගතවී තියනවා. එවැනි තත්ත්වයක් තුළ උතුරු නැගෙනහිර ද්‍රවිඩ කාන්තාව දෑවැද්ද නමැති පුරුෂාධිපත්‍යමය ව්‍යුහය විසින් නිර්මාණය කර ඇති පීඩාකාරී යාන්ත්‍රණයට ගැටගැසී තියනවා….’

වර්තමානයේ තරුණියන්ගෙන් බොහෝ දෙනකු මේ පිළිබඳ විචක්ෂණශීලී වෙයි. ඔවුන් තමන්ගේ අභිමානය, හැකියාව, වටිනාකම පිළිබඳ දෙවරක් හිතයි. රූකඩ ලෙස සිතන්නට පසුබට වෙයි.

ලබන සතියට…

සඳරැසී සුදුසිංහ

SendShareShare
Previous Post

රහතුන් අදත් වැඩසිටින කුඩුම්බිගල පුදබිමේ විස්මිත කතාව I Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාව මහා ණය අර්බුදයක ජනාධිපතියි-පාර්ලිමේන්තුවයි දෙගොල්ලන්ටම වාසි විදියට ප්‍රශ්නය විසඳ ගනී I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.