• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අතිශය ආන්දෝලනාත්මක තත්ත්වයට පත්වෙමින් තියෙනවා. වලවාහැංගුණවැවේ හාමුදුරුවෝ මේ සම්බන්ධව තදින් කතා කරමින් ඉන්න ආකාරය අපි දැක්කා. මිහින්තලේ නායක හාමුදුරුවෝ දෙතුන් වරක්ම විවිධ අවස්ථාවලදී රජයේ සහ පාලකයන්ගේ සමහර හැසිරීම් විවේචනයට ලක් කළා.(Sri Lanka Latest News)

එහෙම ලක්කරන්නේ උන්වහන්සේට ලැබෙන පෞද්ගලික ලාභයක් වෙනුවෙන් නෙවෙයි කියලයි අපට අපේ දැනුම අනුව දැනුණු සහ පෙනුණු කාරණාව වුණේ. කොහොම නමුත් මිහින්තලේට ලක්ෂ 30කට වැඩි ජනකායක් පැමිණෙතැයි උන්වහන්සේ අනුමාන කරනවා.

ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවත් උන්වහන්සේ දැඩි ලෙස කියා තිබුණා. නමුත් නිසි ආකාරව මේ රාජ්‍ය පොසොන් උත්සවය සඳහා අවශ්‍ය පහසුකම් ආණ්ඩුව ලබා දෙන්න අසමත් වුණු බව තමයි උන්වහන්සේ නගන චෝදනාව. රටේ රාජාභිෂේක උත්සව, රාජාභිෂේක පෙරහැරවල් සංවිධාන කරන කොට ඇයි රාජ්‍ය පොසොන් උත්සවයට රජය අනුග්‍රහය ලබා නොදෙන්නේ කියලා උන්වහන්සේ දැඩි සේ ප්‍රශ්න කරනවා.

ලියුම්කරුටත් හිතෙන කාරණාවක් තමයි වෙසක් පොහොයට ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් තියෙනවා වුණාට පොසොන් පොහොයට වටිනාකමක් තියෙන්නේ අපේ රටේ විතරයි කියන එක. මෙතැනදී සමරන්නේ අපේ රටට බුද්ධාගම ලැබීම. බුදුරජාණන් වහන්සේ අපේ රටට වැඩම කරලා ඒ වෙලාවේ රටේ මතුවෙලා තිබුණු ප්‍රශ්න විසඳලා ධර්මය දේශනා කරලා නැවත වැඩම කළා මිස, බුද්ධාගම පතුරවන්න උන්වහන්සේ කටයුතු කළේ නෑ.

මහින්දාගමනයත් එක්ක අපට ලැබුණේ බුද්ධාගම විතරක් නෙවෙයි. සංස්කෘතියක්, සිවුසැට කලාවන් මේ සියල්ල ලැබුණේ මහින්දාගමනයත් එක්ක. ඒ නිසා මේ කාරණාව මීට වඩා සංකීර්ණව අරගෙන පොසොන් උත්සවය සඳහා අවශ්‍ය පහසුකම් සංවිධාන කළ යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. කොහොම නමුත් රුපියල් ලක්ෂ 30ක විතර මුදලක් ආණ්ඩුව විසින් ඒ සඳහා වෙන් කළ බව දැනගන්න ලැබුණා. ඒ ලක්ෂ 30ක මුදල ආපහු රජයටම ලබාදෙන්න නායක මිහින්තලේ නායක හාමුදුරුවෝ කටයුතු කරලා තිබුණා. උන්වහන්සේ කියනවා මේ ලක්ෂ 30 මට එපා. ඒකත් අරගෙන යන්න කියලා.

එහෙම කියපු උන්වහන්සේ පාත්‍රයක් අරගෙන තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් සමග පිඬුසිඟා වඩිමින් පොසොන් උත්සවය සඳහා අවශ්‍ය කරන මුදල රැස් කරගත්ත බව තමයි අපට දැනගන්න ලැබුණේ. උන්වහන්සේ කියනවා දැන් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් හොයාගෙන තියෙනවා කියලා. මේ ලක්ෂ 50 දුන්නේ අහිංසක දායකයෝ. ඔවුන් අතරමගදී මුණගැහිලා රුපියල් 100, 1000, 5000, 100000 වගේ මුදල් දුන්නා. ඒ වගේම මිහින්තලා පුදබිම උතුරන්න විදුලිය ලබාදෙන්න තරම් විදුලිජනක යන්ත්‍ර ලබාදෙන්නත් දායකයෝ ඉදිරිපත් වුණු බවත් උන්වහන්සේ කියනවා.

දුම්රිය සේවා, බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා නම් ඒ හරහා පැමිණෙන ජනතාවට වැසිකිළි පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ආණ්ඩුව සැපයිය යුතු බවත් උන්වහන්සේ පවසනවා. ඒ අතර කංචන විජේසේකර ඇමැතිතුමත් අපූරු කතාවක් කියලා තිබුණා. පන්සලට ලැබෙන පඬුරු ටික හරියට කළමනාකරණය කරගත්තා නම් ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්න අවශ්‍ය නෑ කියලයි ඔහු කියලා තිබුණේ. ඒ කතාවෙත් ගත යුත්තක් නැත්තෙම නෑ කියලත් අපට වෙලාවකට හිතෙනවා. මොකද මූල්‍ය කළමනාකරණය කියන එක වලවාහැංගුණවැවේ හාමුදුරුවෝම කියන විදියට වැඩිපුරම උගන්වන්නේ බුදුහාමුදුරුවෝ.

ඒ නිසා පන්සල්වල තියෙන පින් කැට ටික හරියට කළමනාකරණය වෙනවද කියන එක සම්බන්ධව චෝදනාවක් තියෙනවා. අපි දන්නෙ නෑ ඒවායෙ ඇත්ත නැත්ත. එහෙම චෝදනාවක් තියෙනවා නම් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට බෞද්ධ විහාරස්ථානවල මිල මුදල් පරිපාලනය තියෙන්නෙ ඒ තරම් හොඳ තැනක නෙවෙයි. ඇතැම් භික්ෂුන්වහන්සේලාට බරපතළ චෝදනා තියෙනවා.

උන්වහන්සේලා පවුල් ආරක්ෂා කරනවා, තවත් සම්බන්ධතා නඩත්තු කරනවා කියලා. ඒවා මේ විහාරස්ථානයට අදාළ කරගන්න නෙවෙයි අපි කියන්නේ. මිහින්තලා පුදබිමට මෙවැනි චෝදනාවක් අපි කොහේදිවත් අහලා දැකලා නෑ. ඒ නිසා මිහින්තලාවට නම් මේ චෝදනාව එල්ල කරන එක සාධාරණයි කියලා අපට හිතෙන්නේ නෑ. අපි නොදන්නවාද දන්නෙ නෑ සමහර කාරණා. හැබැයි දන්නා විදියට එහෙම දේවල් ගැන අපි අහලා නෑ. කොහොම නමුත් මේ රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් මීට වඩා රටක් විදියට අපි කටයුතු සූදානම් කළ යුතුයි කියන එක තමයි අපිට දැනෙන්නේ.

මිහින්තලේ නායක හාමුදුරුවෝ මුදල් රැස් කරගෙන ඇවිල්ලා කියපු අපූරු කතාවක් අපි දැක්කා. ඒ කතාව තමයි අපට මෙතැන තියෙන වැදගත්ම දේ. උන්වහන්සේ කියනවා මට සල්ලි දුන්නේ බෞද්ධයොම නෙවෙයි කියලා. මවුලවිතුමාලා, කතෝලික පියතුමන්ලා විතරක් නෙවෙයි ආදිවාසීන් පවා මේ පොසොන් උත්සවය සඳහා අවශ්‍ය මිල මුදල් ලබාදෙන්න තමන්ට පුළුවන් විදියට උදව් වෙන්න සූදානමින් ඉන්න බව උන්වහන්සේ කිව්වා.

එතකොට අපට තේරෙනවා මේ පොසොන් කියලා කියන්නේ ජාතික උත්සවයක් කියන එක. මේක බෞද්ධ උත්සවයක් විදියට ගන්නවාටත් වඩා මේක ඉතාම වැදගත් වෙන්නේ ජාතිකමය වටිනාකම ගැන ලෝකයේම අවධානයෙන් ඉන්න එක. මවුලවිතුමන්ලා, කතෝලික පියතුමන්ලා, ආදිවාසීන් ඇතුළු සියලු දෙනාම බෞද්ධයන් නොවුණත් ඔවුන්ට පොසොන් උත්සවයේ වැදගත්කම වගේම මිහින්තලා පුදබිමේ තියෙන ඓතිහාසික වටිනාකම ගැන හැඟීමක් තියෙනවා. මේ හැඟීමට තමයි අපි ආදරය කළ යුත්තේ.

මේකෙදී අපට රටක් විදියට එකතු වෙලා මේ දේවල් කරගන්න පුළුවන් නම්, ජාතික ප්‍රශ්නවලදී නැගී සිටින්න පුළුවන් නම්, රජයට, ආණ්ඩුවට, මොකක් හරි පක්ෂයකට, බලවේගවලට එරෙහිව සටන් කරන්න පුළුවන් නම් අපි නියම බෞද්ධයෝ බව දැනෙනවා. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගෙනල්ලා අපට දුන්නු පණිවුඩය හරියටම තේරුම් අරගත්ත පොසොන් පොහොයක් විදියට මේ පොසොන් පොහොය සමරන්න පුළුවන්.

ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ ජාතිකත්වයේ ශක්තීන්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඔක්කොම එකතු වෙලා මිහින්තලා පුදබිම ආලෝකවත් කරනවා නම්, මිහින්තලා පුදබිම ආරක්ෂා කරනවා නම්, පොසොන් උත්සවය පවත්වනවා නම් මේක තමයි හරිම පොසොන් පෝය. නිවැරැදි අර්ථය සහිත පොසොන් පෝය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පස්ස දොරෙන් බලයට ඇවිත් අයුතු බලතල පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස සීමා කරලා ඒකාධිපති පාලනයකට යන්න ඉඩ ‌දෙන්න බෑ! අපි ඉඩදෙන්නේ නෑ! මේවා අසික්කිත වැඩ! ඒ වගේ අය එළවා දැමීමට ලෑස්ති ‌විය යුතුයි! ජනතා මතය විමසන්න වහාම ඡන්දයක් තියන්න! යළි සටන අරඹමින් කාදිනල් හිමියෝ විශේෂ පණිවුඩයක් රටටම දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.