• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 43ක් පරණ පරිසර පනත වෙනස් කරන්න රනිල් ලෑස්ති වෙයි! කලකට පසු අරුන් ඩයස් බණ්ඩාරනායක එළියට ඇවිත් කියපු දේ! I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 43ක් පරණ පරිසර පනත වෙනස් කරන්න රනිල් ලෑස්ති වෙයි! කලකට පසු අරුන් ඩයස් බණ්ඩාරනායක එළියට ඇවිත් කියපු දේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‍වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරන බව පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ අදහසකට අනුව මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය තුළින් මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා එම අදහස් පළ කළේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් අද (05) ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.
2048 හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සමගාමීව 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීති අංශ වෙත යොමු කර තිබේ.

ඊට අමතරව සිංහරාජය, හෝර්ටන්තැන්න, නකල්ස් කඳුවැටිය සහ මහවැලිය ජීවමාන අස්ථීත්වයන් (living entities) නම් කරමින් නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසුවේ ජපානය, නවසීලන්තය වැනි රටවල්වල මෙවන් ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, එම නිසා එම රටවල්වල පුරවැසියන් පරිසරය මිනිසෙක් ලෙස සලකා සුරැකීමට කටයුතු කරන බවත්ය.
පරිසරය පුළුල් විෂයක් බවත්, අපේ රටේ සම්පත් ආරක්ෂා නොකළහොත් ඉදිරි පරපුරට රටක් ඉතිරි නොවන බවත්, පරිසරය පිළිබඳව සමාජයේ පවතින දැනුම වැඩිදියුණු කරගත යුතු බවත් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාරනායක මහතා
පරිසරය කියන්නේ පුළුල් විෂයක්, සම්පතක්. පරිසරය ආරක්ෂා කිරීම තනි පුද්ගලයකුට කරන්න බැහැ. රජයකට විතරක් බැහැ. සමාජය එකට එක්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වගේම අපට හරිත ආර්ථිකයක් නොමැතිව ඉදිරියට යන්න බැහැ. මිනිස් ජීවිත පවා අහිමි වෙන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීමට නීති, අණපනත් අවශ්‍යයි.
පරිසරය කෙරෙහි තිබෙන ආකල්පමය වශයෙන් වූ වෙනස්කමක් සමාජයේ ඇති වෙමින් පවතිනවා. ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි, මහජනතාව පවා අලුත් අලුත් දේවල් අත්හදාබැලීම් සිදුකරන්න ඕන නිසා ‘පරිසරය’ කියන වචනය පැත්තකට දාලා තිබෙනවා. එනිසා පනත්වලට වඩා ඔබ අප පරිසරය කෙරෙහි දක්වන උනන්දුව කෙසේද කියා යළි සිතාබැලීමට කාලය එළැඹ තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා වූ නීති පද්ධති දැනටමත් තිබෙනවා. එම නීතිවලට ගරු කරලා කටයුතු කරන්න අප කවුරුත් ඉගෙන ගත යුතුයි. සමාජ, පාසල්, පළාත් පාලන මට්ටමින් පවා මේ ගැන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම අපට පරිසරය ගැන තිබෙන දැනුම ප්‍රමාණවත් නැහැ. සමාජය දැනුමින් සන්නද්ධ කිරීමට කුමක් හෝ ක්‍රමයක් සොයාගත යුතුයි. ඇතැම් පිරිස් පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැහැ. ඔවුන් හිතන්නේ පරිසරය යනු සතුන් කියලයි.
ඊට වඩා බොහෝ දේවල් පරිසරයේ තිබෙනවා. ඒවා සියල්ල අප වැදගත් කියලා සලකන්නේ නොමැතිනම් පරිසරය ආරක්ෂා ‍වන්නේ නැහැ. මේ සියල්ලක්ම සම්බන්ධයෙන් සමාජයට දැනුමක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේම තරුණ පරපුර පරිසරය ගැන දැනටමත් උනන්දුවක් දැක්වීම යහපත් දෙයක්.
පරිසරයේ වටිනා සම්පත් ජීවමාන අස්ථීත්වයක් ඇති වස්තූන් ලෙස නම් කිරීම ඉතාම වැදගත් අපූර්ව දෙයක්. සීගිරිය වගේ වස්තූන් විනාශ කරන්න බැහැ කියලා කවුරුත් දන්නවා. ඒ වගේම අපි නකස්ල් වැනි රක්ෂිත පවා ආරක්ෂා කරගත යුතුයි. ගස් කපා ව්‍යාපාර කරන්න ගියොත් විශාල හානියක් සිදු වෙනවා. රටේ වටිනා සම්පත් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගනු ලබන එම ව්‍යායාමය ඉතා වැදගත් කාලෝචිත ක්‍රියාවක්.
ඉස්සරට වඩා අද උෂ්ණත්වය වැඩියි. මම තරුණ කාලයේ තිබූ අත්දැකීම් එක්ක වහින විදිහත් වෙනස් වෙලා. මෙහෙම ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. දේශගුණික විපර්යාස තමයි මේ තත්ත්වයන්වලට හේතුව. මට දැන ගන්න ලැබුණා ජනාධිපතිතුමා ලබන වසරේදී දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා. ඒක නිසා මුළු ලෝකයේම අවධානය අපට ලැබේවි. වෙනත් රටවල්වල සිටින විද්‍යාඥයන්ට අපේ රටට ඇවිත් පර්යේෂණ කරයි. ඒක හොඳ ප්‍රවණතාවයක්. දැනුම වැඩි වුණොත් තමයි මේ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කරන්න පුළුවන්.
පොතපතට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව පාසල් මට්ටමින් පරිසර විෂය ක්‍රියාත්මක විය යුතුයි. මේ සෑම දෙයක්ම එක දවසින් වෙවනස් කරන්න බැහැ. ඒ සඳහා යම්කිසි ඉලක්කයක් හරහා ගමන් කළ යුතුව තිබෙනවා. සතුන්, කෘමීන්, ගස් කොළ ඇතුළුව අපේ පරිසරයේ වටිනා සම්පත් ආරක්ෂා කරගත යුතුයි. ස්වයං විනයක් ඇතුව අපි එය කළ යුතුයි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා සමග පැවැත්වූ ‘1O1 කතා’ වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/1-SvT53mBk8) ඔස්සේ ලබා ගත හැකිය.
1O1 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 1O1 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha ) එක්වන්න.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-05

Ranil Wickrmasingha environmental act Arun Dias Bandaranayaka

SendShareShare
Previous Post

ලංකාවට ආපු අමෙරිකාවේ භාණ්ඩාගාර සහකාර ලේකම් සහ නියෝජිතයන් සජිත් මුණගැහෙන්න එයි! සජබ මන්ත්‍රීලා සමග ජී.එල්-ගොඩහේවාත් සාකච්ඡාවට එකතු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ගිනිතිබ්බ දේශපාලකයන්ගේ ගෙවල්වලට බොරු ඇස්තමේන්තු හදන්න ඉඩ තිබ්බේ නෑ! දේශපාලඥයන්ට ඉඩම් අල්ලන්න දුන්නේ නෑ! නීතිය අකුරටම රැක්කා! රාජකාරිය දේවකාරියක් වගේ කළ තිස්ස ප්‍රාදේශීය ලේකම්වරියට හතර වටෙන්ම බලපෑම්! රස්සාව එපා වෙලා මාරුවක් හදාගෙන ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.