රජයේ කොටස් හිමි පෞද්ගලික බැංකුවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉන් ඉවත් වන ලෙසට ආණ්ඩුවෙන් දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත එම බැංකුවලට නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පැවසේ.
ආණ්ඩුව මේ වනවිටත් සියලුම රාජ්‍ය බැංකුවලට අලුතින් සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට පියවර ගෙන ඇත.










