• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අළුතෙන් පත්ව ආ පාර්ලිමේන්තු මහලේකම්තුමිය වෙත ලියන වගනම් I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිස්සමෙන් වැඩ කරන්න…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නව මහලේකම් ධුරයට ඔබතුමියගේ පත්වීම මෙරට බොහෝ දෙනකුට ගෙන එන්නේ බලවත් සතුටකි. එමෙන්ම ඔබේ පත්වීම කාලීන යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඔබ මේ ගරුකටයුතු ධුරය භාරගන්නේ අතිශය තීරණාත්මක අවස්ථාවකය.(Sri Lanka Latest News)

ප්‍රජාතන්ත්‍රවාදය නැතහොත් ප්‍රජාව විසින් රට කරවන ක්‍රමයේදී පාර්ලිමේන්තුව රන් දෙවොලකට සම වන්නේය. ඒ රන් දෙවොලේ යතුර දරන තනතුර ලෙස පසුගිය 23 වැනිදා ඔබ පත්වූ වගකිවයුතු මහලේකම් ධුරය දැක්විය හැක්කේය. ජනතා නියෝජිතයන් විසින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය බිඳ දමමින් තිබෙන කලක ඔබ මේ වගකිවයුතු තනතුරට පත්වන්නීය.

ප්‍රජාතන්ත්‍රවාදී දේහයේ කොඳුනාරටිය බිඳ දමමින් කලට මැතිවරණ පැවැත්වීම වළකා මැතිවරණ සිතියම අකුළවමින් තිබෙන කලක ඔබ මේ ගෞරවනීය තත්ත්වයට පත්වන්නීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම දියවන්නාවේ ගිල්ලවා දැමීමට තරම් වෛරයකින් මෙරට ජනතාව පසුවෙද්දී ඔබ මේ තනතුර හොබවන්නීය. එහෙයින් අන් කිසිම ලේකම්වරියකට නොදැනුණු ආකාරයේ බරක් පාර්ලිමේන්තු ලේකම් ධුරය හෙබවීමේදී ඔබට දැනෙනවා ඇත. එහෙයින් ඔබටද මේ අසීරු ගමන වැල් පාලමේ ගමන තරමටම අසීරු වනු නොනුමානය.

ඔබට මේ වැල් පාලම තරණය කරන්නට වන්නේ උපනූපන් දරුවන් රැසකගේ ජීවිත අපේක්ෂාවන් හිස දරාය. එහෙයින් රටේ ඉතිහාසයට හෝ ඉතිහාසයේ කුණු කූඩයට එක්වීමේ අවස්ථාව පමණක් නොව ඒ දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාවද ඔබට හිමිව ඇත්තේය. එබැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම මගින් රටක බලාපොරොත්තු සමග ආරක්ෂා සහිතව වැල් පාලම තරණය කරන්නට පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමයේ ආරක්ෂාව තහවුරු කළ තැනැතැත්තියක වශයෙන් ඉතිහාසයට එක්වීමටද ඔබට ඉඩකඩ හිමිව ඇත්තේය.

දෑස් රෙදිකඩකින් බැඳ එක් අතක තුලාවක්ද අනිත් අතෙහි අසිපතක්ද දරා සිටින නීතිය සංකේතවත් කරන කාන්තාවගේ රූපය ඔබේ අසීරු රාජකාරිය ඉටුකිරීමේදී පරමාදර්ශය කරගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. කුමන බාධක මධ්‍යයේ හෝ නීතියේ කාන්තාව තුලාව සම තුළිතව තබාගත යුතු සේම ඔබටද පාර්ලිමේන්තු මහලේකම් ධුරය දැරීමේදී තනතුරේ මැදිහත් බව රැකගන්නට දැඩි වෙහෙසක් දරන්නට සිදුවනු ඇත.

දශක හතක අසමත් පාලනයන් විසින් ගොඩනංවා ඇති කලකිරීම නිසා මෙරට ජනතාව තුළ දේශපාලනඥයන් ගැන පමණක්ද නොව ඇතැම් නිලධාරීන් ගැනද පසුවන්නේ මහත් කෝපයකිනි. එහෙත් පාර්ලිමේන්තු මහලේකම් ධුරය වගකීමක් සහිතව දැරීමෙන් සමාජයේ ස්ථාපිතව ඇති එකී කෝපය යම් තරමකට දුරු කරන්නට සමත්වනු ඇත.

පසුගිය දිනෙක පැවැති පළාත් පාලන මැතිවරණය සම්බන්ධ රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ කරුණු රැසක් ඊට අදාළ වාර්තාවල (මිනිට්ස්) සටහන් වී නොතිබීම පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විධායකයේ මතයට අනුව ක්‍රියාත්මක අදිසි හස්තයක් තිබෙන බවය. පාර්ලිමේන්තුව තුළ සිදුකෙරෙන යම් යම් කටයුතු හරහා පළාත් පාලන මැතිවරණය කල්දැමීමට මෙම අදිසි හස්තය උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.

මේ වූ කලී සිහිනෙන්වත් සිදු නොවිය යුතු දෙයකි. ඔබතුමිය කිසිවකුගේ අදිසි හස්තයක් නොවනු ඇති බව අප විශ්වාස කරන තරමටම එවැනි අදිසි හස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන්ද ඉවත් කිරීමටද කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

තනතුරු සහ නිලතල යනු මරණය තෙක් දැරිය හැකි ඒවා යන මතය සමාජයට දෙන්නේ ලංකවේ දේශපාලනඥයෝය. ඒ පිළිබඳවද මෙරට ජනතාව තුළ ඇත්තේ බරපතළ කලකිරීමකි. අනෙක් පසින් රාජ්‍ය සේවයට අදාළව විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කරනුයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවකිනි. ඒ අනුව ඔබතුමිය හොබවන්නාවූ ගරුකටයුතු තනතුරෙන්ද නිසි විය පැමිණීමේදී විශ්‍රාම ලබා අනුප්‍රාප්තිකයාට ඉඩ ලබාදීමෙන් ආදර්ශයක් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

නිසි කල හෝ ඊට මඳකට පෙර තනතුරු හැර යෑම සම්බන්ධ උදාහරණයක් ලංකාවේ පාර්ලිමේන්තුවෙන් නම් සොයාගත නොහැක. එහෙත් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ගෙන් ඊට අපූරු උදාහරණයක් සපයාගත හැක්කේය. බලය සහ නිලය නිසි ලෙස දැරූ බවට ඉතිහාසයට එක්ව ඇති සෑම නිලධාරියෙක්ම එසේ කර ඇත්තේ නිසි කල්හි බලයට පැමිණීමෙන් නොව නියමිත අවස්ථාවේදී බලතල අත්හැරීමෙන් බව ඔබටද ඉතිහාසය විමසීමෙන් තහවුරු කරගත හැකිය.

රත්‍රන් සහ ජංගම දුරකතන තොගයක් මෙරටට හොරෙන් ගෙනැවිත් නීතියට කොටුවූ අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා තමාට පැනවූ මිලියන 7.5 දඩය සාක්කුවට අත දමා එක සැණින් ගෙවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ යළිත් වතාවක් සමාජයේ කතිකාවක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව ඔබට හොඳ තැනකින් ආරම්භ කිරීමේ අවස්ථාව හිමිව ඇත. සියලු ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙසින් ලබාගැනීම ඔබගේ වගකීම වෙයි.

එමතුදු නොව ලබාගන්නා එම වත්කම් ප්‍රකාශ බහිරවයා ගත්තා සේ සඟවාලන්නට ඔබට නීතියෙන් ඉඩ නැත. තොරතුරු පනත යටතේ එකී තොරතුරු ඉල්ලා සිටිනා අයට එම තොරතුරු ලබාදීමට ඔවුන් අධිකරණ නියෝග ගෙන එන තෙක් බලා සිටිය යුතු නොවේ.

මේ ආකාරයේ කරුණු කාරණා රැසක් ඔබේ අවධානයට ලක්කළ හැකිමුත් තව දුරටත් ලිපිය දිගුවෙන නිසා එසේ නොකරමි. අනෙක් අතට පාර්ලිමේන්තුවේ කලක් සේවය කොට එහි මුල්ම පුටුවට නැග ගත්තියක ලෙස තනතුරේ ගෞරවය සහ වගකීම රැකගන්නට කළ නොකළ යුතු දේ පිළිබඳ ඔබටද මනා අවබෝධයක් ඇති බව විශ්වාස කරන්නෙමි. පවුකාරයන් කෙළෙසා ඇති ජනතා පරමාධිපත්‍යයේ රන් දෙවොල පිරිසිදු කිරීමේ වගකීම හොඳින් ඉටුකරන්නට ඔබට දිරිය සහ ශක්තිය ලැබේවායි පතමි.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ආලෝක පූජාව අවසානයේ මිහින්තලේ නායක හාමුදුරුවෝ සංවේදී වී හඬා ‌වැටෙයි! ආණ්ඩුවට බැරි වුණා මිහින්තලේ පෙරහැරට අලෝකය දෙන්න! මට මෙහෙම කළේ පෞද්ගලික කෝන්තරයකට! පාත්‍රයට පරිභව කළා! මට අවමන් කළා! හඬපට හැදුවා! ඇයි මේ සාසනයෙන් පළිගන්නේ? ආධාර කළ සමස්ත රටවැසියන්ටම පින් දෙයි! සිස්ටම් චේන්ජ් එකකට කාලෙ ඇවිත්! මේ ගිජුලිහිණියන් එක්ක රට හදන්න බෑ! සමස්ත රටවැසියන්ට ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් නුවරඑළියේ කියපු කතාවට ජවිපෙනුත් දැඩි විරෝධය! මේක ඡන්ද තියන්න බය ජනාධිපතිවරයකු කළ බරපතළ නීති විරෝධී ප්‍රකාශයක්! වහාම ඉල්ලා අස්කරගන්න! මේ වගේ කතාවලින් ජනතාව තවත් දේශපාලනයෙන් ඈත්වෙනවා! වහාම මහඡන්දයක් තියන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.