• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුංකා මහා හොරකමක් සජිත් එළියට දායි I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංකා ජාවාරමක් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුකළා. ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රටවලින් කරුංකා ආනයනය කර අගය එකතු කිරීමකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමක් සිදුකරන බවයි ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ.(Sri Lanka Latest News)

මේ නිසා දේශීය කරුංකා නිෂ්පාදකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත්, මෙසේ ප්‍රමිතියකින් තොරව අපනයනය කිරීම හරහා මෙරට නිෂ්පාදන ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියා.

සජිත් ප්‍රේමදාස මහතාගේ එම අනාවරණය ඇතුළත් සම්පූර්ණ කතාව පහත පළවේ.

ගරු අග්‍රාමාත්‍යතුමත්, ගරු සභානායක තුමත් සභාවේ සිටින මොහොතක, රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක සිදුවන බරපතළ වරදක් පිළිබඳ ඔබතුමන්ලාගේ අවධානය යොමුකරලා මේකට විසඳුමක් ලබාගන්න තමයි මම ඉදිරිපත් වෙන්නේ. ඔබතුමන්ලා දන්නවා පුවක් වගාව මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් ආදායම් ලබන ක්‍රියාදාමයක්. දළ වශයෙන් වසරකට මෙටි්‍රක් ටොන් 20,000ක නිෂ්පාදනයක් තිබෙනවා.

ඒ අතර මෙටි්‍රක් ටොන් 4,000ත්, 5,000ත් අතර ප්‍රමාණයක් මැදපෙරදිග රටවලට, ඉන්දියාවට, එක්සත් රාජධානියට අපනයනය කරනවා. ඒ වගේම ඉන්දියා – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අයිතම 4,000ක් ඉන්දියානු වෙළෙඳපළට අපනයනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ අපනයන ක්‍රියාදාමය තුළ Country of origin certificate (ප්‍රභව ස්ථාන සහතිකය) වාණිජ දෙපාර්තමේන්තුව ලබාදෙනවා 35%ක අගය එකතු කිරීමක් සමග. මම පෙන්වා දෙන්න කැමැතියි මේ වන විට ඉන්දුනීසියාව සහ තවත් රටවලින් කරුංකා ආනයනය කරලා කිසිම අගය එකතු කිරීමක් නැතුව ප්‍රභව සහතික ලබාගෙන ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමක් සිදුවන බව.

අපට අහන්න ලැබෙනවා මේ ක්‍රියාවලිය අත්හිටෙව්වා කියලා. නමුත් මම පෙන්වා දෙන්න කැමැතියි මේකෙන් දේශීය නිෂ්පාදකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙනවා. සාධාරණව, නීත්‍යනුකූලව අපනයනය කරන සියලු දෙනාට බරපතළ අසාධාරණයක් සිදුවෙනවා. ප්‍රමිතියක් නැතුව මෙහෙම අපනයනය කරලා සමහර විට ඉන්දියානු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට ඉවත් කිරීමේ, බ්ලැක් ලිස්ට් කිරීමේ අවදානමකුත් තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේක නීත්‍යනුකූලව සිදුකරන්න කටයුතු කළ යුතුයි කියලා.

මම ඔබතුමන්ලාගේ අවධානය යොමුකරන්න කැමැතියි මේ මොහොත වන විට වරායේ ගබඩාවල කරුංකා කන්ටේනර් 39ක් තියෙනවා. අපි දැනගන්න කැමැතියි කවුද මේ ආනයනකරු? කවද්ද ආනයනය කළේ? කොහොමද මේ නිරෝධායන නීති තිබිලත්, මෙහෙම ආනයනය කරලා මේගොල්ලෝ හදන්නේ Country of origin certificate එක ගහලා මේක පිටරට යවන්න. කිසිම අගය එකතු කිරීමක් සිදුවෙන්නේ නෑ.

මම දැනගන්න කැමැතියි 30%, 35% අගය එකතු කිරීම මේ කන්ටේනර් 39 තියෙන කරුංකාවලට එකතු කරන්නේ කොහොමද කියලා. ඒ වගේම Country of origin certificate එක ලබාදෙන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ DG. දැන් පත්වෙලා ඉන්නේ සේවාවෙන් පිට පුද්ගලයෙක්. මෙහෙම දේශපාලනීකරණයකට ලක්වෙලා මේ වගේ අගය එකතු කිරීමක් නැතුව පුවක් ප්‍රතිඅපනයනය කරන්න ගත්තොත් මේ සිද්ධ වෙන්නේ ගම්මිරිස් ක්‍රියාදාමය හරහා ඒ සිදුවුණු දේමයි. මම පිළිගන්නවා එකපාරම තමුන්නාස්සේලාට මේකට උත්තර දෙන්න බැරි වෙයි.

නමුත් මේ කන්ටේනර් 39 ගෙනාපු කෙනාට පහසුකම් සපයන්න තවත් එහෙම ආනයනය කරන කිහිප දෙනකුට බලපත්‍ර දෙන්න හදනවා කියලා අපට ආරංචියි. මේවා ගැන හොයලා බලන්න. මේ පුවක් ප්‍රතිඅපනයන ක්‍රියාවලිය තුළ නීතිරීති කඩලා, Country of origin certificate වැරැදි විදියට ලබාදීලා, අවසානයේ සිදුවෙන්නේ ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ අපේ රට අසාදු ලේඛනගත වෙන එක. මේ වැදගත් ප්‍රශ්නයක් යොමුකළේ. මේක පිටිපස්සේ බලවත් හස්තයක් තියෙනවා. මම කාටවත් ඇඟිල්ල දික්කරන්නේ නෑ. මම යෝජනා කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාටත්, සභානායකතුමාටත් මේ කාරණාව ගැන සොයා බලලා වරදක් සිදුවෙන තැනක ඒ වරද නිවැරැදි කරන්න කියලා.

මම කියන්න කැමැතියි මේ මොහොතේ කන්ටේනර් 39ක් තියෙනවා. ඒ තොරතුර ඇත්ත. හැබැයි මේවා ප්‍රතිඅපනයනය කරන්න යන්නේ 35% අගය එකතු කිරීම නැතුව. ඔබතුමා පාර්ලිමේන්තුවේ මීළඟ සභාවාරයේ දී ඒ ගැන හොයලා බලන්න. කොහාටද ප්‍රතිඅපනයනය කරන්නේ කියලා. මේක ලොකු ජාවාරමක්. ගම්මිරිස් ප්‍රතිඅපනයන ප්‍රශ්නෙදිත් මේ වගේම දෙයක් සිදුවුණා. කිසිම අගය එකතු කිරීමක් නෑ.

මේ ජාවාරම නතර කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. Country of origin certificate එක ලබාදෙනකොට වඩාත් සුපරීක්ෂාකාරීව ඒක කරන්න. අපේ අයිටම්ස් 4,000කට ටැක්ස් ෆ්‍රී ඇක්සස් එක ලැබිලා තියෙනවා. අපිව බ්ලැක් ලිස්ට් වුණොත් සාධාරණ නීතිය අනුව කටයුතු කරන අපනයනකරුවන්ටත්, දේශීය ගොවියාටත් ඒ හරහා බලවත් අසාධාරණයක් සිදුවෙන්න පුළුවන්.

SendShareShare
Previous Post

පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් දාලා ආණ්ඩුව හදන්න යන කමිටු නීති විරෝධියි! සජබය ප්‍රධාන විපක්ෂය උසාවි යයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව විකාශන නියාමන අධිකාරී පනත ඇතුළේ ගේන්න යන මාධ්‍ය මර්දනයට එරෙහිව සජිත් සමග මුලු විපක්ෂයම එක තැනකට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.