• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා නැති රණවිරු සැමරුමක් මොකක්ද මේ රහස I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ගැන නොසතුටක්ද?

කාගෙහරි අමනාපයක්ද?

කාගෙහරි වර්ජනයක්ද?

මෙදා සැරේ ලැජ්ජ හිතිලද?

පහුගිය දවසක ආයෙත් වතාවක් රණවිරු සැමරුම පැවැත්වුණා. ඇත්තටම මේ රණවිරු සැමරුම පවත්වන්නේ යුද්ධය ජයග්‍රහණය කිරීම, යුද්ධය අවසන් වීම කියන එක සමරමින්. ලියුම්කරු විශ්වාස කරන්නෙ නම් යුද්ධයක් අවසන් වුණාට පස්සේ සමරන්න තරම් සතුටක් අපට නෑ කියලා. ඒකට හේතුව, යුද්ධයකින් පස්සේ ඉතිරි වෙන්නේ කැඩුණු බිඳුණු මිනිස්සු හිත්, අත පය අහිමි වෙච්ච මිනිස්සු, තමන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන් අහිමි වෙච්ච මිනිස්සු.(Sri Lanka Latest News)

මේ හැමෝටම සමරන්න දෙයක් මතක් කරන්න දෙයක්, ජයග්‍රහණයක් යැයි හිතන්න දෙයක් තියෙනවද කියලා අපට හිතෙනවා. කොහොම නමුත් කාරණය මොකක් වුණත් අපි රටක් විදියට පවත්වන මේ යුද සැමරුම ඉතා සාර්ථකව මේ වතාවෙත් අවසන් වුණා. නමුත් මේ වෙලාවේ අපි දැක්ක විශේෂම දෙයක් තමයි සැමරුමට සුපුරුදු පරිදි රාජපක්ෂ පවුලේ කිසිවෙක් සහභාගි නොවීම. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගේ සැමරුම් අවස්ථාවලදී රාජපක්ෂ පවුලේ කට්ටිය හරිම උජාරුවෙන් ආඩම්බරෙන් මේ ස්ථානයට පැමිණෙනවා. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයට මේකට සහභාගි වීමට අවංක අයිතියකුත් තියෙනවා. ඇත්තටම ඔහුට යම් සුදුසුකමකුත් තියෙනවා.

සුදුස්සෝ සහ නුසුදුස්සෝ මාරුවෙලා වැඩේ පටලවාගෙන තියෙන රටක ඒ ගැනත් අපි කියන්නම ඕනෙ. මොකද යුද්ධයට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ වගේම ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඊට අවශ්‍ය කරන කරුණු කාරණාවලදී නොහිටියා නෙවෙයි. සරත් ෆොන්සේකා මහත්තයටත් මේ සම්බන්ධව විශාල ගෞරවයක් තියෙනවා. එක කාලයක් තිබුණා සරත් ෆොන්සේකාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාලා රණවිරු සැමරුම් තියපු.

ඒ කාලේ රජ වෙලා හිටියේ රාජපක්ෂලා. එතකොට රාජපක්ෂ පවුලේ නෑදෑ හත්මුතු පරම්පරාවම මේ සඳහා සහභාගි වෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ රණවිරු පුතෙකුත් ඉන්නවා. ඒ නිසා එයාටත් මේ අවස්ථාවල ලොකු තැන්වල ලොකු පුටුවල, ලොකු ගෞරවයක් අයිති වෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි මේ වතාවේ එහෙම දෙයක් වුණේ නෑ. ඇත්තටම ඇයි එහෙම වුණේ? ඒක අපි දන්නෙ නෑ. ඒ අය මේක වර්ජනය කළාද, නැත්නම් ඒ අයට මේකට ආරාධනා කළේ නැද්ද, පහුකාලීනව යථාර්ථය අවබෝධ කරගෙන යුද්ධයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම රණවිරුවන්ට ලබාදුන්නාද?

ඒ කොයික වෙතත් මේ වතාවේ රණවිරු සැමරුමට රාජපක්ෂ පවුලේ අය සහභාගි නොවීම කාගෙත් අවධාරණය යොමුවුණු කාරණයක් බවට පත්වුණා. සමහර අය කියනවා මේ රණවිරු සැමරුමට රාජපක්ෂ පවුලේ අය සහභාගි නොවුණේ එදා රාජපක්ෂ පවුලට පිටස්තරයෙක්ව හිටපු, රාජපක්ෂ දේශපාලනයට පිටස්තරව හිටපු වර්තමාන ජනාධිපතිතුමා නිසාද කියලත්. මොකද සමහර අයගේ තර්කය වෙන්නේ එදා යුද්ධය විවේචනය කරන්න, අවතක්සේරු කරන්න මේ කණ්ඩායමේ කට්ටිය කටයුතු කළා කියලා. අලිමංකඩ වෙනුවට පාමංකඩ කියන වචනය යොදලා සරදම් කළා කියලා.

Sri Lanka Latest News

ඒ වචන නිසාද, යුද්ධය විවේචනය කළ නිසාද කියන්න අපි දන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයත් යුද්ධයට මැදිහත් වුණු සහ එල්.ටී.ටී.ඊ. එක දෙකට කඩන්න විශාල වැඩකොටසක් කරපු කෙනෙක් විදියටත් සමහර අය සලකනවා. ඒ නිසා එම ගෞරවය අරයට නෑ, මෙයාට නෑ කියලා කියන්න අපට පුළුවන්කමක් නෑ. කොහොම නමුත් රාජපක්ෂ පවුලේ අයගේ විරෝධය රනිල්ගේ නායකත්වයට තියෙන නිසා මේකට ආවේ නැද්ද කියන තර්කය අපට කොයි පැත්තකටවත් නැතුව මේ විදියට ඉදිරිපත් කරන්න විතරයි පුළුවන්. මේකෙ ඇත්ත නැත්ත දන්නේ ඒගොල්ලොම විතරයි. හැබැයි මේ වතාවෙත් මේ නැතිබැරි රටෙත් මේ වගේ සැමරුම් කොහොම කොහොම හරි අපි කරනවා.

ඒක හොඳද නරකද කියන එක තීරණය කරන්න ඕනෙ ඔබ. හේතුව, පොසොන් උත්සවයට සල්ලි නෑ කියලා පහුගිය දවසක කතාබහකුත් ඇතිවුණා, මේ රණවිරු සැමරුම් තිබ්බට පස්සේ. රණවිරු සැමරුම් තියන්න සල්ලි තියෙනවා නම්, පොසොන් උත්සවයට ඇයි සල්ලි නැත්තේ කියලත් අපට හිතෙනවා.

රණවිරු සැමරුම කඩාකප්පල් කරන්න සමහරු කටයුතු කරනවා අපි දැක්කා. ඒකට දේශපාලන මැදිහත් වීමක් තිබුණද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද ද්‍රවිඩ දේශපාලනය මේ වෙලාවේ මේ කටයුතුවලට මැදිහත් වෙන ආකාරයක් අපට පෙනුණා. බොරැල්ලට ඇවිල්ලා විරෝධය පළකරන්න මියගිය එල්.ටී.ටී.ඊ. සහෝදරවරුන්ගේ මවුපියන් හෝ ඥාතීන් කටයුතු කරලා තිබුණා. ඇත්තටම කවුරු හෝ කෙනෙක් අතුරුදන් වෙලා තියෙනවා නම් ඔවුන්ට නිසි ආකාරයෙන් මරණ සහතිකයක් ලබාගන්න අවස්ථාවක් ලබා නොදී සිටියා නම් ඒකෙ ගැටලුවක් තියෙනවා. හැබැයි මේ විදියේ ගැටලුවක් ඇතිවෙන්නේ ඒ අවස්ථාවේදී රටේ තිබුණු යුදමය තත්ත්වය සහ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කියලයි අපට හිතෙන්නේ.

ඇත්තටම නිසි ක්‍රමවේදයක් යටතේ කටයුතු කරන්න බැරි තරමේ අර්බුදයක් රට ඇතුළේ ඒ වෙලාවේ තිබුණා. කොහොම වුණත් හැම මනුස්සයෙකුටම මේ මහපොළොවේ ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා.

ඒ නිසා මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි ආණ්ඩුවක් විදියට. ඒ වගේම අපි නිතරම කරන දෙයක් තමයි යුද සැමරුම්වලට උතුරට ඉඩ නොදීම. ඔවුන්ට යුද්ධය සමරන්න අයිතිය තියෙනවා.

ඔවුන් වෙනුවෙන් මියගියා යැයි විශ්වාස කරන අය සමරන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඒක ගැන තර්ක කරන්න, ඒ අයිතිය ප්‍රශ්න කරන්න අපට විදියක් නෑ. නමුත් රටක් විදියට සංහිඳියාව කියන්නේ ඉතා වැදගත් දෙයක්. කුමන ආකාරයේ දේශපාලකයෙක් වුණත් අවශ්‍යතාව තියෙන්න ඕනේ රට එකතු කරන්න.

රටේ මිනිස්සු එකට එකතු වෙලා ඉන්න. රට ඇතුළේ සහජීවනය ආරක්ෂා කරන්න. එහෙම නැතුව කුමන හෝ විදියකට කණ්ඩායම්වලට බෙදිලා, කල්ලි හැදිලා, දේශපාලන වශයෙන් හෝ ජාතීන් වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ කැඩිලා බිඳිලා වෙන්වෙලා ඉන්න එකෙන් සිදුවෙන්නේ ආයෙත් අපි පරණ පුරුදු තැනටම යන එක. රාජපක්ෂ පවුලේ කට්ටිය ඒවා හිතලා අපේ පවුල නෙවෙයි හැමෝම යුද්ධයට දායක වුණා,

ඒ නිසා හැමෝටම යුද්ධය සමරන්න අයිතියක් තියෙනවා කියලා හිතලා මෙවර රණවිරු සැමරුමට ආවේ නැද්ද දන්නෙත් නෑ. එහෙම නම් ඉතින් ඒකත් නරක වැඩක් නෙවෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බුද්ධාගමට අපහාස කළා කියා නතාෂා අත්අඩංගුවට ගත්තා! එතකොට ආගම්වලට විශාල හානියක් කළ ඥානසාර හිමිට මොකද කරන්නේ? බොරු කියලා දොස්තර ෂාෆිගේ ජීවිතය විනාශ කළ අයට මොකද කරන්නේ? දැන් වුණත් පරක්කු නෑ දඬුවම් දෙන්න! හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා දැන් ජනාධිපති රනිල්ගෙන් ඉල්ලයි!  I Sri Lanka Latest News

Next Post

සිද්ධාර්ථ කුමාරයා ගැන එදා කියපු දේ! දිලිත් ජයවීර යළි කතා කරයි! එහෙම කියපු හේතුවත් පැහැදිලි කරයි! වීඩියෝ දෙකම මේ කතාවේ තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.