නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (14) සවස පැවැත්වුණු 10 දෙනාගේ කමිටුවේ සාකච්ජාව සාර්ථකව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සන්ධාන සලකුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවැතිි මතගැටුම නිමා කරමින් තමන්ට අයත්ව පවතින ‘හංසයා’ ලකුණ ලබා දීමට රවී කරුණානායක මහතා එකගතාව පළ කොට ඇත..
මේ වනවිට දෙපාර්ශ්වයේම සාමාජිකයන් මෙම තීන්දුව දැනුම් දීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බවද දැනගන්නට තිබේ.
මෙම කමිටුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් සමන්විත විය.










