සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරක් මෙතරම් ප්‍රශ්න තියාගෙන අපි නතාශා ගැන කථා කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
”ඩෙංගු වැඩිවෙමින් පවතිනවා. ජනාධිපති බලකායට වෙච්ච දෙයක් නෑ. ජාතික රෝහලේ කැතීටර් රසායනාගාරය මාස තුනක් වහලා වහලා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය මාස 6ක් කැඩිලා. මහනුවර පිළිකා ඒකකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම වැඩ නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අත්‍යවශ්‍ය පරීක්ෂණ වර්ග 70ක් නතර කරලා දාලා. රෝහල් 6ක් සීටී ස්කෑන් යන්ත්‍ර මාස ගණනාවක් වැඩ නෑ. බෙහෙත් වර්ග 200ක් හිඟයි. එත් අපි ඒවා අමතක කරලා නතාශා ගැන කතා කරමු”යැයි සභාපතිවරයා කියා සිටියා.
Health










