සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ දැරීමේදී ජලාශ්‍රයකට වැටුණු තම ජංගම දුරකතනය සොයාගැනීම ජලාශයේ වතුර හිස් කළ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඉන්දියාවෙන් වාර්තා වන මෙම පුවතට අනුව ජලාශ්‍රයේ ජලය හිස් කිරීම සඳහා දින තුනක් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජලාශයේ වතුර සිඳීගිය පසු දුරකතනය සොයාගැනීමට හැකි වුවද ඒ වන විට එය අක්‍රීය තත්ත්වයට පත්ව තිබෙනවා.
ජංගම දුරකතනයේ තිබූ අත්‍යාවශ්‍ය දත්ත එකතුවක් හේතුවෙන් එය ලබාගැනීමට ඔහු එලෙස උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.










