විපක්ෂ නායකතුමා සහ එම මැතිනිය එක්ව මහියංගන රාජමහා විහාරස්ථානයේ අටමහකුසල් සපිරි පූර්ණ කඨින මහා පුණ්‍ය කර්මයක් සිදු කළ බව මහියංගනය රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ශ්‍රි ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පැවසූහ.
ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, මහියංගනය පූජා භූමියේ පවතින විල්ලවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, මයියංගනේ පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස් පත්‍රය පිළිගැන්වීම වැනි පින්කම් කටයුතු රැසක් එම පරිශ්‍රයේදී පැවැත්විණි.










