• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1993-2002-2015-2024? රනිල් ෆේල් කරන දෙවැනි වසර! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! EXCLUSIVE Sri Lanka Latest News

May 27, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
1993-2002-2015-2024? රනිල් ෆේල් කරන දෙවැනි වසර! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! EXCLUSIVE Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් ලංකාවේ පළමුවැනි වතාවට අගමැති වූයේ 1993 මැයි පළමුවැනි දින ප්‍රේමදාස ඝාතනයට පසුවය. ඒ වෙලාවේ රනිල් මේ රටේ අගමැති වේ යැයි කවුරුත් හිතුවේ නැත. වෙනකක් තබා රනිල්ව දේශපාලනයට ගෙන ආ රනිල්ගේ මාමා වූ ජේ.ආර්.වත් හිතුවේ නැත. ප්‍රේමදාස ඝාතනයට පසු අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරයට පත්විය. ඔහු ජනාධිපති වන විට යූ.ඇන්.පී.යේ මහලේකම්ව සිටියේ සිරිසේන කුරේය. රනිල්ට අගමැතිකම දෙන්න කලින් විජේතුංග අගමැති ධුරය සිරිසේන කුරේට ඕනෑදැයි විමසා සිටි බව කුරේ මාධ්‍යයන්ට කීවේය. තමා අගමැති ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත්, අගමැති ධුරය රනිල්ට දෙන ලෙස තමා ජනාධිපති විජේතුංගට පැවැසූ බවත් ඔහු මාධ්‍යයට හෙළිදරව් කොට තිබිණි. කොහොම හරි රනිල් අගමැති වූයේ වෙන්න අගමැති ලෙස සිටි ගාමිණීලා, බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරු අනුරලා අන්දමන්ද කරවමිනි. රනිල් අගමැති වී පළමු අවුරුද්ද ජයටම ගියේය. හැමෝම හිතුවේ විජේතුංග වයස නිසා රනිල් 1994 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක වෙයි කියාය. තවත් සමහරු හිතුවේ විජේතුංග 1994 ජනාධිපතිවරණය දිනා රනිල්ව අගමැති ධුරයේ තබාගෙන ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල්ව අපේක්ෂකයා කර දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇතැයි කියාය. ඩී.බී. විජේතුංගට ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ කීවේ ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ් කියාය. ඒ, ඩී.බී. කියන ඉංග්‍රීසි අකුරු දෙකටය. සිංහලෙන් කීවොත් බිහිරි සහ අන්ධයි කියාය. නමුත් ඔහු ජනාධිපති වූ විට ඔක්කොම ඔහුගේ නමේ මුලකුරු ඩී.බී. හැඳින්වූයේ ඩුයින්ග් බ්ලඩි වෙල් කියාය. සිංහලෙන් කියනවා නම් වැඩේ හොඳටම කරනවා කියාය.

රනිල් අගමැති වූයේ 1993 මැයි 07ය. 1993 මැයි 07 සිට 1994 මාර්තු වන තෙක් රනිල් රජ ගමනක් ගියේය. තෙල් මිල අඩුවිය. බඩු මිල අඩුවිය. ලලිත් ඝාතනය, ප්‍රේමදාස පිට දමා ඔළුව ඉස්සූ විපක්ෂයද හතර ගාතෙන් වැටී තිබිණි. රනිල් යූ.ඇන්.පී.යේ අනාගත නායකයා ලෙස මතුවෙමින් සිටියේය.

ප්‍රේමදාසට එරෙහිව ලලිත් ඝාතනයට එරෙහිව 1993 මැයි පළමුවැනි දිනට පෙර එකට එක්සත් වූ විපක්ෂය ගහමරා ගන්න පටන්ගෙන තිබිණි. බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර සහ 1993 පළාත් සභා ඡන්දයෙන් මහ ඇමැති වූ චන්ද්‍රිකා එළිපිට ගහමරා ගන්න පටන් ගෙන තිබිණි. 1993 පළාත් සභා ඡන්දයෙන් මහ ඇමැතිනිය වී ජාතික නායිකාවක් බවට පත් චන්ද්‍රිකාද එක තැන පල්වී බස්නාහිර පළාත් සභාවේ වැඩක් පෙන්නාගත නොහැකිව අන්ත අසරණ වී තිබිණි. ඒත් 1994 දකුණු පළාත් සභාවේ අයවැය පරද්දන්න දකුණු පළාත් සභාවේ හම්බන්තොට මන්ත්‍රී ෆ්‍රැන්සිස්කු ඉස්සීමෙන් සියල්ල උඩු යටිකුරු විය. ෆ්‍රැන්සිස්කු ඉස්සුවේ 1994 ජනවාරිවල වගේය. මේ වෙනකොට රනිල්ගේ පරම හතුරා වූ ගාමිණී දිසානායක යූ.ඇන්.පී.යට රිංගන්න මාන බලමින් සිටියේය. රනිල් පක්ෂ මහලේකම් කුරේවත් අල්ලාගෙන ගාමිණී පක්ෂයට යළි ඒම බ්ලොක් කරගෙන සිටියේය. ගාමිණීට පාර්ලිමේන්තු එන්න යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් ඉවත් වෙන්න කැමැති වූ මන්ත්‍රීවරුන්ට රනිල් සහ කුරේ ඉවත් නොවන ලෙසට බලපෑම් කළහ. අවසානයේ ගාමිණීට පාර්ලිමේන්තු එන්න මන්ත්‍රීවරයෙක් ඉවත් කරගත නොහැකි විය. එහෙත් ගාමිණී වැඩේ අතහැරියේ නැත. ඔහු කොහොම හරි මන්ත්‍රීවරයෙක් ඉවත් කරගෙන යූ.ඇන්.පී.යට ආවේය. රනිල්ගේ මිතුරෙක් වුවත් රනිල්ගේ අනුදැනුමකින් තොරව විජේතුංග බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුරවත් යූ.ඇන්.පී.යට ගත්තේය. සේනානායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරු රුක්මන්වත් යූ.ඇන්.පී.යට ගත්තේය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ රනිල්ට ළඟටවත් යා නොහැකි රොනී ඩි මෙල්වත් යූ.ඇන්.පී.යට ගත්තේය. රනිල් අගමැති වී පළමු අවුරුද්ද ගතවන විට රනිල්ගේ හතුරෝ ගොඩක් පක්ෂය තුළ නායකයන් වී සිටියහ. දකුණු පළාත් සභාවේ පොදු පෙරමුණු අයවැය පරද්දන්න ෆ්‍රැන්සිස්කුව උස්සා පළාත් සභාව විසුරුවා විජේතුංග පළාත් සභා ඡන්දයට ගියේය. ඡන්දය රනිල්ට එරෙහි චන්ද්‍රිකා සටනක් විය. මන්ද රනිල් අගමැති වී නායකත්වය දුන් පළමු ඡන්ද සටන එය විය. චන්ද්‍රිකා දකුණේ රැල්ලක් හදා වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ පරාජයේ ආරම්භය සනිටුහන් කළාය. රනිල් හතර ගාතෙන් වැටුණි. 1994 මහ මැතිවරණයෙන් රනිල්ට අගමැති ධුරය අහිමි විය.

ඊළඟට රනිල් අගමැති වන්නේ 2001 දෙසැම්බරයේ මහජන ඡන්දයෙන්ය. ඒ ප්‍රභාකරන් කටුනායක ගුවන් තොටුපළට ගසා රටම අකර්මණ්‍ය කොට ආර්ථිකය ඍණ යන වෙලාවකය. රනිල් අගමැති වී ප්‍රභාකරන් සමග සාකච්ඡා ආරම්භ කළේය. සටන් විරාම ගිවිසුමක් අස්සන් කෙරුණි. එල්.ටී.ටී.ඊ.යට පනවා තිබූ තහනම ඉවත් විය. මිනිස්සු මේ සියල්ල අනුමත කළහ. රනිල් 2002 පුංචි ඡන්දයේදී අතිවිශිෂ්ට ජයක් ලබාගත්තේ බණ්ඩාරනායක බළකොටුව වූ අත්තනගල්ල යූ.ඇන්.පී.යට දිනාගනිමිනි. රනිල් අගමැති වූයේ 2001 දෙසැම්බරයේය. 2002 දෙසැම්බරය වන විට රනිල් එල්.ටී.ටී.ඊ.ය නැතිව ඇමෙරිකාවේ ලංකාවට ආධාර දෙන සමුළුවක් කැඳෙව්වා කියා එල්.ටී.ටී.ඊ.යට මලපැන්නේය. ලංකාවට විශාල ආධාර මුදලක් ලැබෙන සමුළුවක් ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විණි. එම සමුළුවට එල්.ටී.ටී.ඊ.ය සහභාගි කරගැනීම අනිවාර්ය විය. රනිල් ඒ සඳහා ලොකු උත්සාහයක් ගත්තේය. එල්.ටී.ටී.ඊ.ය තමන් ටෝකියෝ ආධාර සමුළුවට සහභාගි නොවන බවට රනිල්ට දැනුම් දුන්නේ හරියටම ඔහු අගමැති වී වසරක් සපිරෙන විටදීය. 2002 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡාවලින් ඉවත් වෙන බව රනිල්ට දැනුම් දුන්නේය. මේ වන විටත් එල්.ටී.ටී.ඊ.ය හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය ආරම්භ කොට තිබිණි. රනිල් තෙල් මිල අඩු කළේය. ගෑස් මිල අඩු කළේය. ඒ එකක්වත් වැඩ කළේ නැත. චන්ද්‍රිකා 2003 නොවැම්බර් රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ පවරාගෙන රනිල්ව ඉවරයටම ඉවර කළාය.

රනිල් යළි අගමැති වන්නේ 2015දීය. මෛත්‍රීපාල ජනාධිපතිවරණය දිනා ජනාධිපති වී ශ්‍රීලනිප නායකත්වය ගෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ව බාගෙන රනිල්ව අගමැති කළේය. රනිල් 2015 මහ මැතිවරණය දිනා මහජන ඡන්දයෙන් අගමැති ධුරයට පත් විය. අගමැති වී ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් විය. තෙල් මිල අඩුවිය. ගෑස් මිල අඩුවිය. පඩි වැඩි විය. රාජපක්ෂලා හිරේ විලංගුවේ වැටුණි. ආණ්ඩු විරෝධීන් එෆ්.සී.අයි.ඩී. එකට බයේ හැංගුණි. ඒත් රනිල් අගමැති වී හරියටම වසරක් පිරෙද්දී මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ ප්‍රශ්නය මතුවිය. මහබැංකු අධිපති ධුරයෙන් අර්ජුන් ඉවත් කළ යුතු බවට මෛත්‍රී දැඩි තීන්දුවක සිටියේය. රනිල් එයට එරෙහි විය. එක් දිනක් මෛත්‍රී රනිල්ටත්, අර්ජුන් මහේන්ද්‍රන්ටත් නොකියා මහබැංකුවට ගියේය. රනිල් සහ අර්ජුන් මහේන්ද්‍රන් කඩාගෙන ආහ. මෛත්‍රී කොහොම හරි යූ.ඇන්.පී. ඇමැතිවරුන්ට බලපෑම් කොට රනිල්ව අසරණ කොට අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කොට මහබැංකු අධිපතිකමට කුමාරස්වාමි පත්කර ගත්තේය. ඒ හරියමට රනිල් අගමැති වී දෙවැනි අවුරුද්දේය. ඊට පසු බැඳුම්කර සොරකම ගැන හොයන්න කොමිසමක් දැම්මේය. රනිල්ට පන්න පන්නා පහර ගැසීය. රනිල්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්ද තිබිණි. රනිල් අගමැති ධුරයේ හිටියේ නමටය. මෛත්‍රී බලය සියතට ගත්තේය. 2018 පුංචි ඡන්දයෙන් රනිල් පරාජය වී මෛත්‍රී ඔහුව අගමැති ධුරයෙන් ඉවත් කළේය. යළි අගමැති වුවත් දවසින් දවස රනිල් වැටුණි. 2020 මහ ඡන්දයෙන් රනිල්ට ඇපත් නැති විය.

මේ ඉතිහාසය කියන්නේ රනිල් අගමැති වී පළමු අවුරුද්ද රජ ගමනින් ගියත් දෙවැනි අවුරුද්දේ රනිල් හැම දේම අනාගන්නා බවය. 1993ත් වුණේ ඒකය. 2002 වුණෙත් ඒකය. 2015 වුණෙත් ඒකය. රනිල් ජනාධිපති වී මේ ජූලි මාසයට අවුරුද්ද සම්පූර්ණ වෙයි.

‘1993, 2002, 2015 වෙච්ච දේම රනිල්ට ජනාධිපති වී අවුරුද්ද පිරෙන විට වෙයිද…?’

ඒක නම් දන්නේ නැත.

‘ඒ රනිල් අගමැති වුණාමනේ දෙවැනි අවුරුද්ද වණ වුණේ. දැන් රනිල් ජනාධිපතිනේ…?’

කාට හෝ කියන්න පුළුවන. රනිල් ජනාධිපති බව ඇත්තය. හැබැයි රනිල් ජනාධිපති වෙලා ඉන්නේ රාජපක්ෂලාගේ පොදුජන පෙරමුණේ ඡන්දවලින්ය. 1993 විජේතුංග යටතේ අගමැති වීමත්, 2001 චන්ද්‍රිකා යටතේ අගමැති වීමත්, 2015 මෛත්‍රී යටතේ අගමැති වීමත්, 2022 රාජපක්ෂලා යටතේ ජනාධිපති වීමත් අතර ලොකු වෙනසක් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආච්චිව මරා හැංගූ බදුරලියේ නරුම මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News

Next Post

ඕඩර් නෑ! 18%කින් වැටෙයි! ඇඟලුම් ක්ෂේත්‍රය හාන්සියි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.