• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් අද උදේ 8.30ට ගොඩඑයි! පවුලේ ඥාතීන් කළ ඉල්ලීම් ‌2ක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩගන්නා අවස්ථාව රහසිගතව සිදු කරන ලෙසට මරණකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය දේහය හඳුනා ගැනීම සඳහා පවුලේ අයට අද බොරැල්ල පොදු සුසාන භූමියේ පෙනීසිටින ලෙසට නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව හමුවේ අද දින පෙරවරු 8:30ට ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩ ගැනීමට නියමිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය.

පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මළ සිරුර ගොඩගන්නා අවස්ථාව බාහිර පාර්ශ්වයන්ට විවෘත නොකර රහසිගතව සිදු කරන ලෙසත් සිය පවුලේ වෝහාරික වෛද්‍යවරයා එම ස්ථානයට කැඳවීමට ද අවස්ථාව ලබාදෙන ලෙසට අධිකරණය ඉල්ලා සිටියේය.

කිසිම පාර්ශ්වයකගේ සහායක් නැතිව ස්වාධීන කමිටුවක් පත් කර සිරුර ගොඩ ගැනීමට තීරණය කර ඇති මෙවැනි අවස්ථාවක ඊට බාධා වන පරිදි කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කමිටුවේ වෛද්‍යවරු හැර සෙසු අය එම ස්ථානයට කැඳවීම මඟින් ප්‍රශ්න ඇතිවිය හැකි බව පෙන්වා දුන්නාය.

තවද රහසිගතව සිරුර ගොඩ ගැනීමෙන් පසුවට වෙනත් සිරුරක් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ බවට චෝදනා එල්ල විය හැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළාය.

මීට අමතරව ෂාෆ්ටර් මහතාගේ දුරකතනවල අඩංගු දත්ත සුරක්ෂිතව ගබඩා කර තබා ගන්නා ලෙස පුද්ගලික දුරකතන ආයතන කළමනාකරුවන් වෙත අධිකරණය නියෝග නිකුත් කළාය.

මෙහිදී රජයේ රස පරීක්ෂකවරයා විසින් තමන් වෙත ලබාදී ඇති ජංගම දුරකතන තුනක සිම්පත් නැති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය කරන ලද ප්‍රශ්න කිරීමකදී ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර් මහතාගේ නිවෙසේ තිබූ භාවිත නොකරන ලද ජංගම දුරකතන පවා පොලිසිය වෙත රැගෙන ගිය බවය.

මීට අමතරව බ්‍රයන් තෝමස් ඇතුළු සෙසු අයගේ ලේ සාම්පල රස පරීක්ෂකවරයා වෙත යොමු කළ සංදේශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කළේය.

අද දින ගොඩ ගන්නා සිරුර, දින දෙකක් ඇතුළතදී ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද අධිකරණය පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට නියෝග නිකුත් කර ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්තියේ පැවරී ඇති බලතල අනුව 2022/12/15 වන දින මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණි.

SendShareShare
Previous Post

සිසුවියකට අතවර කරන්න හැදූ තරුණයෙක් අල්ලා පොලිසියට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උකස බේරගෙන නෑ! යශෝධා හෝල්ඩින්ග්ස් සමාගමට අයත් නුවරඑළියේ ඉඩමක් මහජන බැංකුවට පැවරෙයි! හිමිකරු දැමූ නඩුවත් උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.