පොසොන් මංගල්‍යය සඳහා ඓතිහාසික මිහින්තලා පුදබිමට ලබා දුන් නව විදුලි සම්බන්ධතාවය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නියමයෙන් ඉවත් කර ඇති බව මිහින්තලා නායක හිමියන් පවසයි.
මෙවර පොසොන් මංගල්‍යය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය ප්‍රදේශයට ලබා දීමට කටයුතු කළ නව විදුලි සම්බන්ධතාවය ඉවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නියමයෙන් අද දින කටයුතු කර ඇති බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.
පොසොන් මංගල්‍යය වලදී සෑම විටම ඓතිහාසක මිහින්තලා පුදබිම ආලෝකමත් කිරීමට විදුලි බලමණ්ඩලයේ 50% ක දායකත්වයක් මෙතෙක් ලබා දුන් බවත් මෙවර පොසොන් මංගල්‍යයට එම දායකත්වය ද ලබා නොදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම ගැටලුවක් බව ද නායක හිමියන් පවසයි.










