ඇමරිකාවේ නිරිතදිග නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලාන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට නිර්දේශ වී ඇත.
නීති සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමට ඩිලාන් මහේන් ගුණරත්න තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
නිරිතදිග නීති විද්‍යාලයේ විශේෂ දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලාංකික නීති ශිෂ්‍යයෙකු තෝරා ගත් පළමු අවස්ථාව මෙයයි.
කැනඩාවේ උපන් ඩිලාන් මහේන් ගුණරත්නගේ දෙමාපියන් ශ්‍රී ලාංකිකයෝ වෙති. ඩිලන් සිය ප්‍රථම උපාධිය ලබා ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි කැල් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙනි.
ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ හි ‘YTV’ නාලිකාව සමඟ වැඩ කළේය. ඔහු නිරිතදිග නීති විද්‍යාලයට ඇතුළත් වූයේ ඇමෙරිකානු ඩොලර් 75,000ක් වටිනා ශිෂ්‍යත්වයක් දිනාගනිමිනි.










