ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායමෙන් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බව එම ආයතනයේ සභාපති ධූරයට යළි පත් වූ ශම්මි සිල්වා පවසනවා.
එමෙන්ම වෙනත් ක්‍රීඩා සදහාද මුදල් ලබා දෙන බවයි ක්‍රිකට් සභාපති ධූරයට පත් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.










