• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘අපි ඔක්කොම එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ…’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
‘අපි ඔක්කොම එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ…’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය ජනාධිපති වූ විගස මුහුණ දුන්න ලිට්මස් ටෙස්ට් එක වුණේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, බුවනෙකබාහුගේ රජ මාලිගාව බුල්ඩෝසර් කිරීමේ සිද්ධියයි. ගෝඨාව ජනාධිපති කළ අලුත් තරුණ ඡන්දදායකයන්ද, සිංහල බෞද්ධ බලවේගද තුෂාර සංජීවව අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුය යන මතයේ සිටියහ. ඒත් සංජීව විතාරණ රාජපක්ෂ පවුලේ විශ්වාසවන්තම සටන් සගයකු වන, රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරු නාමල්ගේ දේශපාලන ආරක්ෂකයාද වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හොඳම ගෝලයා විය. මහින්ද කුරුණෑගලින් ඡන්දය ඉල්ලන්න ගත්ත තීරණයත් සමග කුරුණෑගල ඡන්ද සටනට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ නිසා මහින්ද, බැසිල් සහ නාමල් ජොන්ස්ටන්ගේ උපදෙස් මත තුෂාර සංජීවව ආරක්ෂා කරන තද තැනක සිටියහ.

එහෙත් ගෝඨාට අලුත් තරුණ ඡන්ද දිනාගන්න උපදෙස් දුන් උපදේශකයෝ තුෂාර සංජීවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ගෝඨාට බල කළහ. එහෙත් ගෝඨා පවුලේ බලපෑම මත අසරණ විය. ඒ වන විට වයඹ ආණ්ඩුකාර ධුරය දැරුවේ ඒ.ජේ.එම්. මුසාම්මිල්ය. වයඹ පන්සල්, මල්වතු-අස්ගිරි විහාරවලට සම්බන්ධ නිසා සිංහල බෞද්ධයකු වයඹ ආණ්ඩුකාර ධුරයට පත්කරන මෙන් මහානායක හිමිවරු ගෝඨාභයගෙන් ඉල්ලා සිටි අතර, ගෝඨාභය මුසාමිල්ව ඌව පළාතට මාරුකොට වයඹ ආණ්ඩුකාර ධුරය යුද වීරයකු වූ වසන්ත කරන්නාගොඩට දුන්නේය. තමාව අසරණ කළ කුරුණෑගල නගරාධිපතිට පාඩමක් උගන්වන්න ගෝඨා වසන්තව පාවිච්චි කරන්න ඇත.

ටික කලකින් වසන්තත් කුරුණෑගල රාජපක්ෂවරුන්ගේ දේශපාලන ආරක්ෂකයා වූ ජොන්ස්ටන් සමග හැප්පෙන්න පටන්ගත්තේය. ඒ වෙලාවේත් ගෝඨා ගත්තේ වසන්තගේ පැත්තය. අරගලය පටන්ගත්තේ වසන්තව ඉවත් කරන ලෙස රාජපක්ෂ පවුලෙන් ගෝඨාට දැඩි බලපෑම් එල්ල වෙද්දීය. ඒ වෙලාවේ වසන්ත කරන්නාගොඩත් හිටියේ නගරාධිපති තුෂාර සංජීවගේ බලපෑම්වලට මුහුණ දිය නොහැකි තත්ත්වයකය. අරගලයෙන් රාජපක්ෂ පවුලටත්, ගෝඨාටත් ගෙදර යන්න සිදුවිය. රනිල් ජනාධිපති විය. වසන්ත කරන්නාගොඩ කෙවිට අතට ගත්තේය. තුෂාර සංජීවට එරෙහිව දූෂණ චෝදනා විභාග කරන්න ඔහු කමිටුවක් පත්කළේය. නගරාධිපති තුෂාර සංජීවගේ අයවැය පරාජයට පත්විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් නගරාධිපති ලෙස යෝජනා විය. අයවැය පරාජය වෙලාත් නගරාධිපති තුෂාර සංජීව ඉවත් නොවන විට වසන්ත කරන්නාගොඩ ආණ්ඩුකාර බලය පාවිච්චි කොට තුෂාර සංජීවව නගරාධිපති ධුරයෙන් ඉවත් කළේය. ජොන්ස්ටන් මෙය ඉවසුවේ නැත. තුෂාර සංජීව නගරාධිපති ධුරයෙන් ඉවත් කරන්න පෙර ජොන්ස්ටන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ ඇමැති ධුරයක් ගැනීමය. රනිල්, ජොන්ස්ටන්ට නම් ඇමැති ධුරයක් දෙන්නේ නැතැයි කියා රනිල්ගේ මාධ්‍ය ඒකකය මාධ්‍යවල නිවුස් ප්ලාන්ට් කරද්දී බැසිල් වැඩේට බැස්සේය. වසන්ත හිටියේත් කුරුණෑගල පොහොට්ටුවේ දේශපාලන බලය නැත්තටම නැති වේයැයි බයවී රනිල් සහ ජොන්ස්ටන් අවුලත් ලිහන්න වසන්තව ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කොට බැසිල්ගේ ගෝලයකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආණ්ඩුකාර ධුරයට පත් කරන මෙන් රනිල්ගෙන් ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් යාපා යනු බැසිල් ඇමැති වන විට බැසිල්ගේ රාජ්‍ය ඇමැති ලෙස බැසිල් පත්කර ගන්නා බැසිල්ගේ සුවච කීකරු ගෝලයෙකි. 2020 මහ ඡන්දයේදී ලක්ෂ්මන් යාපා පරාජය වීම නිසා බැසිල් මුදල් ඇමැති වූ විට ලක්ෂ්මන් යාපාව මුදල් රාජ්‍ය ඇමැති කරගන්න බැසිල්ට නොහැකි විය. ඒ වෙනුවට ඔහු ලක්ෂ්මන් යාපාව උපදේශකයෙක් කරගෙන මුදල් ඇමැතිගේ කාර්යාලයේ ළඟම ඇති කාමරය ලක්ෂ්මන් යාපාට දුන්නේය.

ඇත්ත කතාව නම් ගෝඨාභය බැසිල් කියන හැම එකම කළේ නැත. ඒත් අද රනිල් බැසිල් කියන විදියට ලක්ෂ්මන් යාපාව වයඹ ආණ්ඩුකාර ධුරයට පත්කරගෙන තිබේ.

‘අපි කිව්වා සමගි ජන බලවේගයෙන් ඕනෑ තරම් අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරගන්න කියලා. ඉතින් එහෙම කරන්නනේ ඕනේ…’ (16.05.2023)

මේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු කරන්නාගොඩව ඉවත් කිරීම ගැන උද්දාමයට පත්වී මාධ්‍යයට කිව්ව කතාවය.

‘එහෙනම් ඉතින් රනිල්ගේ සගයෝ කියන්නේ රාජපක්ෂලා ඉවර කරන්න රනිල්ව ශක්තිමත් කරන්න සමගි ජන බලවේගය රනිල්ට සහාය දෙන්න ඕනෙ කියලානේ…’

මේ, රනිල්ගේ සගයන්ගේ බයිලා අහන යූ.ඇන්.පී.කාරයෙක් කිව්ව කතාවය.

රනිල්ගේ මාධ්‍ය නිවුස් ප්ලාන්ට් කළේ රනිල් ආණ්ඩුකාරවරු ඉවත් කරනවාට රාජපක්ෂලා විරුද්ධයි, රනිල් කෙවිට අතට අරන් රාජපක්ෂලාගේ හයියෙන් ඉන්න ආණ්ඩුකාවරුන්ට තරු විසිවෙන්න දෙනවා කියලාය. යූ.ඇන්.පී.කාරයොත් එහෙම හිතාගෙන චූන් විය.

හැබැයි මේ ආණ්ඩුකාරවරු අයින් කරගන්න ඕනෙ රනිල්ට නොව බැසිල්ට බව චූන් වෙච්ච යූ.ඇන්.පී,කාරයෝ දැන සිටියේ නැත.

ගෝඨාභය පත්කළ උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා හෝ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඒ පළාත්වල දේශපාලනයක් කළේ නැත. අනුරාධා යහම්පත් කළේ නැගෙනහිර බෞද්ධ නටබුන් හොයන්න පුරාවිද්‍යාවට උදව් කිරීමය. ත්‍යාගරාජා උතුරේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීමට පෙර උතුරේ ආණ්ඩුකාරයා වූයේ චාල්ස් නෝනාය. චාල්ස් නෝනාව උතුරේ ආණ්ඩුකාරයා කළේ බැසිල්ය. ගෝඨාභය චාල්ස් නෝනාව ඉවත්කොට ත්‍යාගරාජාව පත්කොට චාල්ස් නෝනාව මැතිවරණ කොමිසමට පත්කළේත් බැසිල්ගේ උපදෙස් මතය.

මැතිවරණ කොමිසමේ සිට පුංචි ඡන්දය වළක්වන්න චාල්ස් නෝනා හැංගිමුත්තන් කෙළියේ බැසිල් සහ රනිල්ගේ රූකඩයක් ලෙස බව දැන් ඔප්පු වී ඇත. චාල්ස් නෝනාගේ හැංගිමුත්තන් සෙල්ලමට උතුරේ ආණ්ඩුකාර ධුරය අරන් දෙන්න බැසිල්, චාල්ස් නෝනාට පොරොන්දු වෙන්න ඇත. දැන් වෙලා තියෙන්නේ ඒකය. ඡන්දය කල්දමන්න ජොනී නටමින් චාල්ස් නෝනා පොහොට්ටුවෙයි අලියාගෙයි සායම බේරලා දුන්නාය.

නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත්කළ සෙන්තිල් තොණ්ඩමන් බැසිල්ගේ දේශපාලන ඩීල් පප්පෙකි. ඡන්දයක් ආ විට ලංකා කම්කරු කොංග්‍රසය බැසිල්ට සෙට් කරන්නේ ඔහුගේ ඩීල්වලිනි. බැසිල් ඔහුව රනිල්ට කියා නැගෙනහිරට දමා ඇත්තේ නැගෙනහිර ඡන්ද ඩීල් එකකට විය හැකිය.

‘රනිල් ගෝඨා දමපු හමුදාවෙ ආණ්ඩුකාරවරුන්ට පයින් ගහලා පෙන්නනවා…’

මේ දවස්වල චූන් එක වැඩිකමට යූ.ඇන්.පී.කාරයන් නටන්නේ එහෙම කියාය. බස්නාහිර ආණ්ඩුකාරයා යුද වීරයකු වූ රොෂාන් ගුණතිලකය. ඔහු ගෝඨාගේ ගජ මිතුරෙකි. ඔහුව ඉවත් නොකරන ලෙස ගෝඨා රනිල්ට කීවේය. රනිල් ගෝඨා කියන දේත් අහල ඔහුව ඉවත් කළේ නැත.

‘ඒ කියන්නේ මේ ඔක්කොම වෙන්නේ මහින්දයි ගෝඨායි බැසිල් කියන විදියටනේ….’

වෙන්නේ ඒක බව යූ.ඇන්.පී.යේ මෝඩ චූන්කාරයන් නොදන්නවාට දන්නවුන් දනී. දකුණු පළාතේ ආණ්ඩුකාර බැසිල්ගේ හොඳම ගෝලයා විලී ගමගේට කිසිම ප්‍රශ්නයක් නැත.

‘ඇමෙරිකාව තම රටට ඇතුළු වීම තහනම් කරපු යුද වීරයා කරන්නාගොඩව ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ රනිල් බල්ලට දමලා අයින් කළාම හාමුදුරුවරු සිංහල සංවිධාන මොකද ඒ ගැන කෙළ බිඳක්වත් හෙළන්නේ නැත්තේ…?’

ඒක රනිල්ගේ තීරණයක් නොව රාජක්ෂ පවුලේ තීරණයක් බව ඔවුන් දන්නා නිසාය.

‘අපි ඔක්කොම එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ…’

මේවා දකිනකොට සුනිල්ගේ සින්දුව මතක් වෙන්නේ මොකද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

24ට ආණ්ඩුව බයවෙයි! 113 හොයන්න මහා මෙහෙයුමක්! බැසිල්වත් රටින් ගෙන්වයි! ඉරි තුනේ නියෝග ගහයි! මහින්ද-නාමල් රහස් සාකච්ඡාවක! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

බොරු කිව්වා! අපහාස කළා! ජලනි බිලියනයක වන්දියක් ඉල්ලා චමුදිතට එන්තරවාසි යවයි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.