• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වටකරලා ආරක්ෂාව දැම්මෙ කාට කොළේ වහන්නද? මොකක් ආරක්ෂා කරන්නද?කාට බයේද? ඇත්තම කතාව මොකක්ද? I Sri Lanka Latest News

May 22, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක හැන්දෑවේ හදිසියේම කොළඹට පොලිසිය සහ හමුදාව යොදවන්න පටන් අරගත්තා. මේ සිද්ධියත් එක්ක ඇත්තටම රටේ විශාල කැලඹීමක් ඇතිවුණා. මාධ්‍ය විවිධාකාරයෙන් මේ සිදුවීම වාර්තා කළා.(Sri Lanka Latest News)

කොළඹට දැඩි ආරක්ෂාවක් කියන අදහසට වඩා අපේ ඔළුවට ගියේ කොළඹ විශාල කලබලයක් කියන අදහස. ඇත්තටම එහෙම විශාල කලබලයක් ඇතිවීම කියන ප්‍රශ්නය අපි හැමෝටම දැනෙන දෙයක්. මේ වෙලාවේ ජීවත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් යුද්ධය සහ යුද්ධයට අදාළ කලබලය දැකපු කට්ටිය. ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසා ඇතිවුණු කලබලය දැකපු කට්ටිය. මේ අවි ගත්තු නිලධාරීන්, එහෙට මෙහෙට යන වාහන, හදිසියේ යොදන බැරියර් වගේ දේවල් එක්ක මිනිස්සු කලබල වුණා.

මොකද ඒවට හේතුව මේවායේ අග හෝ මුල තියෙන්නේ වේදනාබර කතාවක් බව අපි හැමෝටම මතක නිසා. කොහොම නමුත් මේ සිදුවීම ගැන බොහෝ දෙනෙක් බයට පත්වුණා. ඇත්තටම කොළඹ කියලා කියන්නේ ලංකාවේ හදවත වගේ. බොහෝ දෙනෙක් කොළඹ යන එන අය. ඒ නිසා කොළඹත් එක්ක තියෙන බැඳීම වැඩියි. කොළඹත් එක්ක තියෙන සම්බන්ධය වැඩියි.

දැන් අපි මේ මොහොතේ දන්නවා ඇත්තටම එදා මොකක්ද වුණේ කියලා. ඇත්තටම මොකක්ද වුණේ කියලා කියන එක ඇතුළේ තියෙන කතාව අපි දන්නේ නෑ. කොහොම නමුත් දැනගන්න තියෙන්නේ එදා ජනාධිපතිතුමාට බුද්ධි අංශ ඔස්සේ ලැබුණු ආරංචියක් නිසා තමයි මේ විදියට කොළඹට දැඩි ආරක්ෂාවක් යොදන්න තීරණය කරලා තියෙන්නේ. ඒ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු කණ්ඩායම් යොදවලා තිබුණා.

අපි දැක්කා ජල ප්‍රහාරක වාහන ඇතුළු විවිධ යන්ත්‍ර සූදානම් කරලා තියෙන ආකාරය. මේ නිලධාරීන් යොදවලා තිබුණේ ආයුධ සන්නද්ධව. ඔවුන් විශාල භට පිරිස් කොළඹ විශ්වවිද්‍යාලය අවට යොදවලා තියෙන ආකාරයත් අපට දකින්න ලැබුණා. මේ කණ්ඩායම් බැරියර් යොදලා පාර අවහිර කරන්නත් සූදානමින් හිටියා. ඒ වගේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාවිච්චියට ගන්න පුළුවන් විදියට ප්‍රධානතම අවි ආයුධ පවා මේ අය අත තිබුණු බව තමයි අපි දැක්කේ. ඒ නිසා මේ සිදුවීමේදී අපට තේරෙන කාරණය තමයි ලැබුණු බුද්ධි තොරතුර මොකක් වුණත් ඒක ටිකක් ලොකු සහ කලබල විය යුතු ආකාරයේ බුද්ධි තොරතුරක් කියන එක.

මේකෙ ඊළඟ කතාව තමයි ඇත්තටම සමහර අවස්ථාවලදී කලබල විය යුතු වෙලාවට කලබල නොවී ඉඳීමත් ප්‍රශ්නයක් බව පසුගිය කාලෙ අප්‍රේල් 21 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය අපට දකින්න ලැබුණා. එහිදී කියැවුණු ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි තොරතුරු ලැබුණත් ඊට අවශ්‍ය නිසි පියවර නොගැනීම සහ ඊට අවශ්‍ය විදියට කලබල නොවීම නිසා මේ ගැන නිසි අවධානය යොමු නොකිරීම.

අපි දන්නවා මඩකළපුවේ හිටපු ආරක්ෂක නිලධාරීන් දිගින් දිගටම මෙවැනි සිදුවීම් සම්බන්ධව වාර්තා කරලා තිබුණා. ඉහළට ලියුම් යවලා තිබුණා. බුද්ධි තොරතුරුවල යම් යම් ගැටලු තිබුණත්, බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් පියවර අරගෙන ආරක්ෂාව යොදන්න මේ අය කල් මරපු නිසා යම් සිදුවීමක් වුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. කොහොම නමුත් මේ වෙලාවේ මේ සිද්ධිය වුණේ ඇයි කියන එක ගැන අපට දැන් සමහර තැන්වලදී හොයන්න පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රධාන වශයෙන්ම මේ සිදුවීම වුණේ කොළඹ විශ්වවිද්‍යාල අවට. නැත්නම් ප්‍රධාන වශයෙන්ම මේ සිදුවීමේදී ආරක්ෂාව තර කළේ විශ්වවිද්‍යාලය අවට. ඒ නිසා මේ කතාවට කොළඹ විශ්වවිද්‍යාලයේ යම් සබඳතාවක් තියෙනවාද කියලා අපට සැකයක් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැවැති යම් උත්සවයක්, යම් රැස්වීමක් නිසා මේ කලබලය ඇතිවුණු බව තමයි අපට බැලූ බැල්මට පේන්න තියෙන්නේ. ඒ ගැන ඔවුන් කියලා තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති යම් කිසි කටයුත්තකට කෑම පාර්සල් 1000ක් ඇණවුම් කිරීමත් එක්ක තමයි මේ බුද්ධි තොරතුරු මතුවෙලා තියෙන්නේ.

මේ කෑම පාර්සල් 1000ක් ඇණවුම් කිරීම, මේ කෑම පාර්සල් 1000 සම්බන්ධයෙන් කතාවෙදී අවසානයේ දැනෙන්න පටන් අරගත්තා දහස් දෙනකුට වඩා වැඩි ප්‍රමාණයක් එහි එකතු වෙලා ඉන්න බව. එතකොට මේ කතාවේදී කියනවා කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව සිදුවෙන්නට ගිය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් වළක්වන්න තමයි මේ අය උත්සාහ කළේ කියලා. කොළඹ විශ්වවිද්‍යාලයට පුළුවන්ද ආණ්ඩු පෙරළන්න කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.

හැබැයි ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයට බැරි වුණාට, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු අයට පුළුවන් කියලා අපට තේරුණා. මොකද ජනාධිපතිතුමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. ඒ නිසා ඔහු දන්නවා ඇති මේ කොළඹ විශ්විවද්‍යාලයේ කෙරුවාව ගැන. ඒ නිසා ඒ ගැන වැඩි ආරක්ෂාවක් යෙදුවාද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. තමන් ඉගෙනගත්ත තැන නිසා එතුමන්ට හිතෙන්න ඇති එතැනට මීට වඩා ටිකක් ආරක්ෂාව තියෙන්න ඕනෙ කියලා.

ඒ වගේම මේ ගැන කතා කරන අය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කිරීමේ ව්‍යාපෘතියක් දියත් වෙන්න සූදානම් වෙමින් තිබුණා, එහි මූලික කටයුතුවලට විරෝධතාවක් දියත් වේවි කියන බය හින්දා මෙලෙස ආරක්ෂාව යෙදෙව්වාය කියලා. අපි දන්නේ නෑ ඒකෙ ඇත්ත නැත්ත. ඒ ගැන හොයලා බලන්න පුළුවන්කමකුත් අපට නෑ. දේශපාලනික වශයෙන් මේ වගේ උපක්‍රමශීලී දේවල් රටවල් ඇතුළේ සිද්ධ වෙනවා.

ඒ වගේම ඇතැම් අවස්ථාවලදී අපි අහලා තියෙනවා අවධානය වෙනස් කිරීමේ උපක්‍රම භාවිත කරන බව. එහෙම දේවල් ගැන අපි අහලා දැකලා තියෙනවා විතරක් නෙවෙයි, අපට එහෙම දේවල් ගැන අත්දැකීමුත් තියෙනවා. ඒ නිසා එහෙම දේවලුත් නෑ කියලා කියන්න බෑ. ලංකාවේ ඕනෙ තරම් එහෙම දේවල් සිදුවෙලා තියෙනවා. මේක එහෙම දෙයක්ද නැද්ද කියන්න නම් අපි කියන්න දන්නේ නෑ. මොකද ඇත්තටම දැන් ඒ සිදුවීම ඉවර වෙලා මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා නෑ.

නමුත් අන්තරේ රැස්වීමේ කතාව නම් අපට යම් ආකාරයකින් විශ්වාස කරන්න පුළුවන් කතාවක්. කොහොම වෙතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායමට නිතරම එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව නිසි පියවර නොගන්නවාය කියන එක. මීට කලිනුත් මේ අයට තිබුණු චෝදනාවක්. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරන ව්‍යාපෘතියේ පළමු පියවරක් විදියට කිව්වෙත් රට ඇතුළේ තියෙන ප්‍රධානතම ආරක්ෂක උපක්‍රමය, ජනතාවට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදෙන්න පුළුවන්කමක් මේ ආණ්ඩුවට නැති වුණා, ඒ නිසා තමයි මේ ආණ්ඩුව ඉවත් කළ යුත්තේ කියන එක. ඔවුන් ඒකට යොදාගත්තේ පාස්කු ප්‍රහාරය. එදා රාජ්‍ය ආරක්ෂාව නිවැරැදිව යොදන්න බැරිවුණු නිසා තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ කියලා ඔවුන් කිව්වා. ඒ නිසා සමහර වෙ

ලාවට ජනාධිපතිතුමාගේ හිතේ ඕක ඇති. එතුමාට නිතරම පොඩි බුද්ධි තොරතුරක් ලැබුණත් වහාම ක්‍රියාත්මක විය යුතුයි කියන එක දැනෙනවා ඇති. ඒ නිසා අපට චෝදනා කරන්නත් බෑ. මොකද හේතුව පාස්කු ප්‍රහාරය දවසේ ඔවුන්ට එල්ල වුණු චෝදනාවක් තමයි ඇයි ආරක්ෂාව තර නොකළේ කියන එක. හැබැයි අනෙක් ප්‍රශ්නෙ තමයි මේ මැයි 09 සිදුවීම ඒ අයගේ හිත්වල හොල්මන් කරනවා ඇති කියන එක. මොකද ජනතාව ලංකාවෙ ප්‍රථම වතාවට තමයි මේ තරම් එකතු වෙලා රටේ ජනාධිපති කෙනෙක් පන්නලා දාන්න පුළුවන් වුණේ. ඉතින් එහෙම දේශපාලනික බලපෑමක් කරන්න පුළුවන් වෙච්ච රටක ඊළඟට සිද්ධ වෙන අරගලයේ හැඩය මොකක්ද කියලා සමහර විට මේ අයට මතයක් නැතුව ඇති.

ඒ වගේම ඊළඟ කතන්දරය තමයි අපි දැක්කා ඊයේ පෙරේදා දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල උද්ඝෝෂණයක් දියත් කරලා තිබුණු ආකාරය. සමහර විට මේක කලින් සිදුවෙන්න තිබුණු දෙයක් විදියට හිතලා හෝ නැත්නම් මේක වෙන්න තිබුණු දවසට පහු කිරීම නිසා හෝ මේ දෙක අතර තියෙන සම්බන්ධතාව බිඳවැටුණාද කියන්න අපි දන්නේ නෑ. කොහොම නමුත් කොළඹට ආරක්ෂාව තරකිරීමේ ව්‍යාපෘතිය, නැත්නම් කොළඹ යුද පිටියක් බවට පත්වීම පහුගිය දවසක සිද්ධ වුණා. නමුත් සංචාරක කර්මාන්තය දියුණු කරන්න බලාගෙන ඉන්නවා නම් යම් රටක මේ විදියේ ව්‍යාපෘති, මේ විදියේ දේවල් ඉතා පරිස්සමට කළ යුතුයි. මොකද හේතුව බැලූ බැල්මට යුද පිටියක් බවට පත්වෙලා තියෙන රටකට සංචාරකයන්ගේ පැමිණීම සිදුවේවිද කියන එක ප්‍රශ්නයක් තියෙන නිසා.

ආයුධ ගත්ත සෙබළුන් ඉන්නවා නම් සන්නද්ධව ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි ආකාරයට අවි දරාගෙන, එහෙම රටකදී ඇත්තටම තමන් සංචාරය කරලා තමන්ට ගන්න පුළුවන් විනෝදාශ්වාදය ලබාගත හැකි දැයි කියලා බොහෝ විදේශිකයන් හිතනවා.

එහෙම වුණාම කොළඹ නගරයේ ඡායාරූප පුවත්වල්වල, අන්තර්ජාලයේ පළවෙනවා ඇති. ඔවුන් ලංකාවට එන්න කලින් අන්තර්ජාලයේ ලංකාව ගැන සොයා බලද්දී ඔවුන්ට දකින්න ලැබෙන්නේ ආයුධ සන්නද්ධ නිලධාරීන් ඉන්න නගරයක රටක පින්තූර නම් ඔවුන් ලංකාවට එයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

ඒ නිසා හැම දේම බොහොම පරිස්සමට කළ යුතු බව තමයි අපට හිතෙන්නේ. කොහොම නමුත් ආරක්ෂාව තවමත් 100%ක් පහව ගිහිල්ලා නෑ. යම් යම් තැන්වල මේ නිලධාරීන් ඉන්නවා. ඔවුන් යම් යම් තැන්වල බැරියර් තියලා තියෙනවා. ඊළඟට සිද්ධ වෙන සිදුවීමටත් සූදානමින් තමයි මං හිතන්නේ ආරක්ෂක අංශ ඉන්නේ. ඒ හින්දා අපට කරන්න තියෙන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ඉන්න තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සාගල එජාපයේ සෝෂල් මීඩියා ටීම් එකට ගාල්ලේ හෝටලයක දින දෙකහමාරක WORK SHOP එකක් තියයි! පත්වීම් ලිපිත් බාර දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ට ජරාව කවපු පිටකොටුවේ හෝටල් 5ක් උසාවියෙන් සීල් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.